පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසාගේ අවසන් කටයුතු ඉරිදා

පාර්ලිමේන්තු මන්ත්‍රී  රංජිත් සොයිසාගේ අවසන් කටයුතු ඉරිදා

අභාවප‍්‍රාප්ත, රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටී. රංජිත් සොයිසා මහතාගේ ආදාහන කටයුතු ලබන ඉරිදා (08) ගොඩකවෙල මහජන ක‍්‍රීඩාංගණයේදී පස්වරු 2.00ට පැවැත්වේ.

සිංගප්පුරුවේ ප‍්‍රධාන රෝහලේදී ඊයේ(04දා) උදෑසන අභාවප‍්‍රාප්ත වූ රංජිත් සොයිසා මන්ත‍්‍රීවරයාගේ දේහය එදින රාත‍්‍රී 09.00ට පමණ කටුනායක ගුවන් තොටුපළට ගෙනෙනු ලැබුවේ යූ.එල් 309 දරණ ගුවන යානයෙන් බව සිංගප්පුරුවේ සිට පැමිණි ගොඩකවෙල ප‍්‍රාදේශීය සභාවේ සභාපති ප‍්‍රියන්ත බණ්ඩාර ගුණතිලක මහතා පැවසුවේය.

බන්දුල ගුණවර්ධන, ඩලස් අලහපෙරුම අමාත්‍යවරු ඇතුලූ දේශපාලන අධිකාරින් නියෝජනය කරමින් නියෝජිත පිරිසක් කටුනායක ගුවන් තොටුපළට පැමිණ සිටියහ.

දේහය අද(5) උදෑසන 8.00ට ගොඩකවෙල, මස්ඉඹුල නිවසට ගෙනයාමට නියමිත අතර ගෙනයන අතරවාරයේදී රත්නපුර නව නගරයේ පළාත් සභා සංකීර්ණය ඉදිරිපිට සුලු වේලාවක් අවමංගල පෙරහර නතර කිරීමට නියමිතය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න