සජිත් විපක්ෂනායක ලෙස කතානායකවරයා පිළිගනී

සජිත් විපක්ෂනායක ලෙස කතානායකවරයා පිළිගනී

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම විසින් ගනු ලැබූ තීරණය පරිදි විපක්ෂනායක ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පත්කරන ලෙස ඉල්ලා සිටිමින් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කිරියවසම් මහතා මගින් කථානායක වෙත යොමු කරන නිර්දේශය කථානායකවරයා පිළිගත් බව කථානායක මාධ්‍ය ඒකකය පවසියි.

ලබන ජනවාරි 03 වන දින පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ කර ජනාධිපතිවරයාගේ රාජාසන කථාව ඉදිරිපත් කිරීමෙන් පසුව එදින පස්වරු 01.00 ට නැවතත් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර එහිදී විපක්ෂනායක ධුරය පිළිබඳ නිල නිවේදනය ප්‍රකාශයට පත්කිරීමට නියමිත බවද කථානායක මාධ්‍ය අංශය පවසයි.

ඒ අනුව පාර්ලිමේන්තුවට විපක්ෂ නායක ධුරය පිළිබඳ නිල නිවේදනය සිදු කිරීමෙන් පසු එම ධුරය බලාත්මක වනු ඇත.

මේ සම්බන්ධයෙන් කථානායක කාර්යාලය නිකුත් කළ නිවේදනය පහත  දැක්වේ.

Karu Letter

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න