CID පළිගැනීම් එක දිගට:තිසේරා පුද්ගලික සහකාර වෙයි

CID පළිගැනීම් එක දිගට:තිසේරා පුද්ගලික සහකාර වෙයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) සහකාර පොලිස් අධිකාරි බී.එස්. තිසේරාට කලින් ලබාදුන් ස්ථාන මාරුව අහෝසි කර ඌව පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගේ පෞද්ගලික සහකාර ලෙස පත්කර ඇතිබව 'අනිද්දා' පුවත්පත වාර්තා කරයි.

වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න විසින් නොවැම්බර් 30 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ සහකාර පොලිස් අධිකාරි බී.එස්. තිසේරා එයින් ඉවත්කර පොලිස් ක්ෂේත්‍ර බලකා මුලස්ථානයට තාවකාලිකව අනුයුක්ත කර තිබිණ.

ඔහු සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව නොවැම්බර් 30 සිට ක්‍රියාත්මක වන පරිදි පොලිස් කොමිසමේ අනුමැතියට යටත්ව වැඩබලන පොලිස්පතිවරයා විසින් එම අනුයුක්ත කිරීම සිදුකර ඇති බව පොලිස් කොමිසම මාධ්‍ය වෙත කියා සිටියේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ද එම තනතුරින් ඉවත් කර ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාර ලෙස පත් කිරීමට වැඩබලන පොලිස්පතිවරයා පසුගියදා කටයුතු කළේය.

ආන්දෝලනාත්මක අපරාධ !

ශ්‍රී ලංකාවේ සිදුවූ ආන්දෝලනාත්මක අපරාධ ගණනාවක් සම්බන්ධයෙන් සිදුකල විමර්ශන වලට දායකවූ නිලධාරියකු ලෙස බී.එස්. තිසේරා හැඳින්විය හැකිය.

# මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය
# මාධ්‍යවේදී කීත් නෝයාර් පැහැරගෙන ගොස් වධ හිංසා කිරීම
# රිවිර හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන්ට පහරදීම
# රතුපස්වල පිරිසිදු පානීය ජලය ඉල්ලු ජනතාවට වෙඩි තැබීම
# වෛද්‍ය සේගු ෂියාබ්දීන් මොහමඞ් සාෆිට එල්ලවූ මව්වරුන් වඳ කිරීමේ චෝදනා වැනි විමර්ශනවලදී සහකාර පොලිස් අධිකාරී බී.එස්. තිසේරා විශාල කාර්ය භාරයක් ඉටුකර තිබිණ.

ශ්‍රී ලංකාවේ සිදුවූ ආන්දෝලනාත්මක අපරාධ ගණනාවක් සම්බන්ධයෙන් සිදුකල විමර්ශන මෙහෙයවූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මෙන්ම එම දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරීවරුන් වන රංජිත් වෙදසිංහ, ලොකුහෙට්ටි, පසුගියදා ජිවිත ආරක්ෂාව පතා ස්විට්සර්ලන්තයට පලා ගිය පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා, සැරයන් මෙන්ඩිස්, සැරයන් තුෂාර සහ කොස්තාපල් අනිල් වැනි නිලධාරීන්ට එරෙහිවද මේවනවිට පරීක්ෂණ ආරම්භකර ඇතැයි වාර්තාවේ.

වීඩියෝ

ද ලීඩර්

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න