විද්‍යා ඝාතන සැකකරුවන්ගේ අභියාචන පෙත්සම් සළකා බැලීම කල්යයි

විද්‍යා ඝාතන සැකකරුවන්ගේ අභියාචන පෙත්සම් සළකා බැලීම කල්යයි

2015 වසරේ යාපනය, පුංකුඩිතිව් ප්‍රදේශයේ දී ශිවලෝගනාදන් විද්‍යා නමැති පාසල් සිසුවිය පැහැරගෙන ගොස් දූෂණය කර මරා දැමීම සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය ලබා සිටින විත්තිකරුවන් හත් දෙනෙකු විසින් එම දඬුවමින් තමන්ව නිදහස් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන අභියාචනා පෙත්සම් සලකා බැලීම ලබන මැයි මස 19 වැනිදා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණට අද (06) තීන්දු කළේය.
 
එම අභියාචන සලකා බලන පංච පුද්ගල විනිසුරු මඬුල්ල සම්පූර්ණ නොවීම හේතුවෙන් නඩුව මෙදිනට කල් තැබිණි
 
මෙම අභියාචන පෙත්සම් විභාය අද ප්‍රසන්න ජයවර්ධන,  ප්‍රීති පද්මන් සූරසේන සහ එස්. තුරෙයිරාජා මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවේය.

එහිදී විනිසුරු මඩුල්ල නියම කර ඇත්තේ අභියාචනා සලකා බැලීම සඳහා මැයි මස 19 වන දා කැඳවන ලෙසයි.
 
2015 වසරේ පුංකුඩුතිව් ප්‍රදේශයේ දී සිවලෝගනාදන් විද්‍යා නමැති පාසල් සිසුවියක් පැහැර ගෙන ගොස් දුෂණය කර මරා දැමීමේ චෝදනාවට වරදකරු කෙරුණු මහාලිංගම් ශෂීකුමාර් හෙවත් ස්විස් කුමාර් ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට යාපනයේ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් 2017 වසරේ සැප්තැම්බර් මස 27 වන දා මරණ දඩුවම නියම කළේය .
 
තමන්ට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මරණීය දණ්ඩනය පනවා තිබෙන ආකාරය නීති විරෝධී බවත් එබැවින් එය අහෝසි කොට තමන්ව සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් විත්තිකරුවන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචන පෙත්සම් ගොනු කළහ.

ලංකාදීප

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න