අයහපත් කළගුණික නිසා ප්‍රදේශ රැසකට නාවික හමුදා සහන කණ්ඩයම් යොදවයි

අයහපත් කළගුණික නිසා ප්‍රදේශ රැසකට නාවික හමුදා සහන කණ්ඩයම් යොදවයි

අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට සහන කණ්ඩායම් ස්ථාපිත කිරීමට නාවික හමුදාව මේවන විට කටයුතු කර ඇත.

රටේ ඇතිවන ඕනෑම ස්වාභාවික විපත් සඳහා සිය දායකත්වය සපයන නාවික හමුදාව මේ දිනවල ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට සහන කණ්ඩායම් රැසක් අනුයුක්ත කිරීමට කටයුතු කර ඇත. ඒ අනුව, ගිං ගඟ හරහා වැටී ඇති අගලිය, දොඩංගොඩ සහ වක්වැල්ල පාලම් තුල අපද්‍රව්‍ය සිරවීමෙන් ගඟ දෙපස නිවාසවල ජිවත්වන ජනතාවට ඉදිරියේදී ගං වතුර අවදානමකට පිළියමක් වශයෙන් ආපදාවට පෙර එම අපද්‍රව්‍ය කඩිනමින් ඉවත්කිරීම සඳහා 2019 දෙසැම්බර් මස 05 සහ 06 යන දෙදින මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලදී. එහිදී නාවික හමුදා කිමිදුම් අංශයේ සහ මැරීන් බලඝණයට අනුයුක්ත නාවිකයින්ගෙන් සමන්විත කණ්ඩායමක් මේ සඳහා අනුයුක්ත කරන ලද අතර, එහිදී දැඩි පරිශ්‍රමයක් යොදා එම අපද්‍රව්‍ය ඉවත් කර ජලය බාධාවකින් තොරව බැස යන පරිදි යථාතත්වයට පත් කිරීම නාවික හමුදාව කටයුතු කරන ලදී.

එමෙන්ම, යාන් ඔය ජල මට්ටම පිටාර දැමීමෙන් කහටගස්දිගිලිය ප්‍රදේශයේ විපතට පත් ජනතාවට නාවික හමුදාව විසින් මේවන විට සහන සලසමින් සිටින අතර, ඒ සඳහා නාවික හමුදා මුදවා ගැනීමේ සහ සහන සැළසීමේ ඒකකයට (4RU) අනුයුක්ත නාවික පුද්ගලයින් ඇතුළු නාවික පුද්ගලයින් විශාල පිරිසක් මේවන විට අනුයුක්ත කර ඇත.{gallery}Navy relief{/gallery}

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න