ඇලෝට සහ පලිසේනට ඇප දෙනවාට නීතිපති දෙපාර්තමේන්තුවේ දැඩි විරෝධය

ඇලෝට සහ පලිසේනට ඇප දෙනවාට නීතිපති දෙපාර්තමේන්තුවේ දැඩි විරෝධය

  පර්පෙචුවල් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස්  සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන  වෙනුවෙන් කර ඇති ඇප ඉල්ලීම සම්බන්ධයෙන් දැඩි විරුද්ධත්වයක්  දක්වන බව නීතිපති දෙපාර්තමේන්තුව අද (09) කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියට ලිඛිතව දැනුම්දී ඇත.

ඒ  පර්පෙචුවල් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස්  සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන  වෙත ඇප ලබාදෙන ලෙස කරන ලද ඉල්ලීමට අදාළව දෙපාර්ශවයට ලිඛිතව කරුණු දක්වන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරිය  පසුගියදා ලබාදුන් නියෝගයට අනුවය.

කෙසේ වුවත් දෙපාර්ශවයේ විසින් කර ඇති සියලු කරුණු සළකා බලා එම ඇප ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය ලබන පෙබරවාරී 16 වන දා පස්වරු 2කට නිකුත් කරන බවට මහේස්ත්‍රාත්වරිය දන්වා ඇත.

වාර්තා වන ආකාරයට පර්පෙචුවල් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස්  සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන  වෙත මෙම නඩුවේ දී එල්ලාව ඇති චෝදනා වන්නේ  ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ලබා ගත් රහස්‍ය තොරතුරු උපයෝගී කර ගනිමින්  නීතියානුකූල නොවන ආකාරයෙන් රුපියල් කෝටී 9147 ක මුදලක් උපයා ගැනීම රජයට අලාභ කිරීම හා අනුබල දීමය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න