චෝදනා ලැබූ බෝදරගම : යළිත් සුරාබදු කොමසාරිස් ජනරාල් ධූරයට ?

චෝදනා ලැබූ බෝදරගම : යළිත් සුරාබදු කොමසාරිස් ජනරාල් ධූරයට ?

මත්පැන් අලෙවියේ දී රජයට අය විය යුතු බදු මුදල් ක්‍රමවත්ව අයකර ගැනීම සඳහා විශේෂ ආරක්‍ෂිත ස්ටිකරය (fool proof) මුද්‍රණය කිරීම සඳහා වන ටෙන්ඩරය නිසි ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව ඉන්දීය සමාගමකට ලබාදීම හා වෙනත් වංචා හා දුෂණ රැසක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවීම නිසා සුරාබදු කොමසාරිස් ජනරාල් ධුරයෙන් ඉවත්කර මුදල් අමාත්‍යංශයට අනුයුක්ත කර සිටි ඒ. බෝදරගම, යළි සුරාබදු කොමසාරිස් ජනරාල් ධුරයට පත්කරන්නැයි ආණ්ඩුවේ බලධාරීන්ට දැඩි බලපෑමක් එල්ලවී තිබෙන බව  වාර්තාවේ.

මුදල් අමාත්‍යංශයේ ඉහල නිලධාරීන් කිහිප දෙනෙකු හා ප්‍රසිද්ධ ස්කාගාර හිමියකු මේ සම්බන්ධයෙන් විශේෂ උනන්දුවකින් කටයුතු කරන බවත් ඊට අදාළ කැබිනට් පත්‍රීකාවක් කඩිනමින් අනුමත කරගැනීමට ඔවුන් අගමැති කාර්යාලට බලපෑම් කර ඇති බවත් වාර්තාවේ.

බෝදරගම සුරාබදු කොමසාරිස් ජනරාල් ධුරයේ සිටියදී විශේෂ ආරක්‍ෂිත ස්ටිකරය මුද්‍රණ ටෙන්ඩරයේදී සිදු වී ඇතැයි පැවසෙන වංචාවක් 'සත්හඬ' පුවත්පත උපුටා දක්වමින් srilanka Mirror වාර්තා කර තිබුනේ මෙසේය.

මෙන්ඩිස් සමාගමේ බිලියන ගණනක සුරාබදු වංචාවක්  සිදුව ඇති බවත් ඊට සුරාබදු කොමසාරිස් ජනරාල් ඒ. බෝදරගමගේ ද සහය පලව තිබු බවත් එකල මාධ්‍ය වාර්තාවල සඳහන් විය.

ඊට අදාල පුවතක් 'මෙන්ඩිස් සමාගමෙන් බිලියන ගණනක සුරාබදු වංචාවක්!'' යන ශීර්ෂයෙන් යුතුව lankanewsweb.net වාර්තාකර තිබිණ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න