පුළුවන් නම් හිරේ දාලා පෙන්වන්න - රිෂාඩ්

පුළුවන් නම් හිරේ දාලා පෙන්වන්න - රිෂාඩ්

තමන් වසර 10-15ක් අමාත්‍යවරයා ලෙස කටයුතු කල අමාත්‍යාංශයේ වරදක් ඇත්නම් ඔප්පු කර පෙන්වන ලෙසත් අමාත්‍යාංශයේ වැරැදි ගැන බොරු චෝදනා කරන වත්මන් අමාත්‍යවරයාට තමන් අභියෝග කරන බව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් පවසයි.

ජන හමුවක් අමතමින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මේ අභියෝගය එල්ල කළ අතර විල්පත්තු වනය කැපූ බවට සිදුකරන සාවද්‍ය චෝදනාව ගැනත්  එහිදී අමාත්‍යවරයා අදහස් දැක්වීය.

එහිදී රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා පවසා සිටියේ මන්නාරම ඇතුළුව එම ප්‍රදේශ වල මුස්ලිම් ප්‍රජාව යළි පදිංචි කිරීම සිදුකළේ පසුගිය රාජපක්ෂ පාලන සමයේ බවත් එහි කිසිදු ගසක් නීති විරෝධී ආකාරයට කපා දැමීමට තමන් කටයුතු කර නොමැති බවත් ය.

එසේම විල්පත්තු වනය කැපූ බවට  නැගෙන චෝදනාව සම්බන්ධව තමන් ජනාධිපති වෙත ලිඛිත ලිපියක් යොමුකරමින් ඊට අදාල විමර්ශන සඳහා ජනාධිපති කොමිසමක් පත්කිරීමට ජනාධිපති ට දැන්වූ බවත් එවැනි විමර්ශනයකදී තමන් වැරැදි කරු වුවහොත් දෙන ඕනෑම දඬුවක් ලැබීමට සූදානම් බවත් ඔහු පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න