අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට නියම කාලය එළැඹ ඇති බව සිහල රාවය සංවිධානයේ මාගල්කන්දේ සුදත්ත හිමි පවසයි.
අග්‍රාමාත්‍ය මහින්ද පැරණි ඩීල් දේශපාලනයේ නිරතව සිටින බවට කනින් කොනින් අහන්න ලැබෙන බවත් එනිසා සිංහල බෞද්ධ ප්‍රජාව මූලිකව ගොඩනැගූ ආණ්ඩුවේ ප්‍රතිඵල ලැබෙන බවක් පෙනෙන තෙක් මානයක නොමැති බව ජනාධිපතිවරයාට දන්වන බවත් එම භික්ෂුව පැවසීය.
මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මාගල්කන්දේ සුදත්ත හිමි මේ බව සදහන් කළ අතර එහි විශේෂත්වය වූයේ පළමු වතාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ගේ නම ප්‍රසිද්ධියේ පවසමින් ඔහු ඉලක්ක කර චෝදනා නැගීමය.
සාමාන්‍යයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂව, එකී කඳවුර තුළ මතක ඇති දිනක මේ ආකාරයේ සෘජු විවේචනයකට ලක්ව නැත.
එසේම ඩීල් දේශපාලනය හේතුවෙන් රිෂාඩ් බදියුදීන් , රවුෆ් හකීම් , අතාවුල්ලා , අසාද් සාලි වැන්නන්ට එරෙහි ක්‍රියාමාර්ග ගැනීමක් සිදුවෙතැයි කිසිසේත් අපේක්ෂා කළ නොහැකි බවත් එම හිමිනම පැවසීය.

