සුළු පක්ෂ නසන්න : විජේදාස 21 ගෙනල්ලා !

සුළු පක්ෂ නසන්න : විජේදාස 21 ගෙනල්ලා !

පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ගෙනවිත් මේ වන විට ගැසට් කර තිබෙන 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා බහු පක්ෂ ක්‍රමය අනතුරේ හෙළන අතර සුළු සහ කුඩා පක්ෂ රටේ පාලන ව්‍යුහයෙන් ඉවතට ඇද දැමීමේ අවධානමක් ඇති බව දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි.

ඔවුන් සඳහන් කරන ආකාරයට විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා  21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා  සං‌ශෝධනය ‌ලෙස ඉදිරිපත් කර ඇත්තේ ‌මෙතෙක් පාර්ලිමේන්තු ‌හෝ ‌වෙනත් සභාවක මන්ත්‍රීධූරයක් ලබා ගැනීමට පක්ෂයකට තිබූ 5% ප්‍රතිශතයකින්  සළු වීමේ සීමාව 12.5% ක ප්‍රතිශතයක්  දක්වා වැඩි කිරීමටය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 (6) (අ) වගන්තිය 

wije001

නමුත් 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා ව්‍යවස්ථාවේ මෙතෙක්  සඳහන් "මුළු ඡන්ද සංඛ්‍යාවෙන් විස්සෙන් එකකට අඩු ඡන්ද සංඛ්‍යාවක්” යන වචන ඉවත් කොට, ඒ වෙනුවට 'මුළු ඡන්ද සංඛ්‍යාවෙන් "අටෙන් එකකට අඩු ඡන්ද සංඛ්‍යාවක්” ‌ ලෙස සං‌ශෝධනය කිරීමට යෝජනා කර ඇත.

wije002

ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂ වලට පවා රටේ පාලන ව්‍යුහයන්ට නියෝජිතයන් පත්කර ගැනීමට නොහැකි වනු ඇති බවටද විචාරකයන් පෙන්වා දෙයි. එසේම ස්වාධීන කණ්ඩායමකට පවා එකී අවස්ථාව අහිමි කිරීම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන අවකාශය අනතුරේ හෙළීමක් බවත් විචාරක අදහස වී තිබේ. 

මේ සූදානම පසුපස ඇත්තේ සුළුපක්ෂ දේශපාලනය තුළින් අතුගා දමන සහ ඒකාධිපති පාලන ජුන්ටාවක් වෙනුවෙන් පසුබිම නිර්මාණය කරදීම මිස අනෙක් කිසිවක් නොවන බවත් එය රටක් වශයෙන් මුහුණදීමට සිදුවිය හැකි අවාසනාවන්ත තත්ත්වයක් මිස රටේ සංවර්ධනයට හෝ ජනතාවගේ හිතසුව පිණිස කිසිවක් නොවන්නක් බවත් දේශපාලන විචාරක අදහස වී තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න