ස්වාධීන අධිකරණය ඉවරයි : ඒකාධිපති බලතල ගෝඨාභයට - විජේදාස ගෙනාව 22 සංශෝධනය මෙන්න !

ස්වාධීන අධිකරණය ඉවරයි : ඒකාධිපති බලතල ගෝඨාභයට - විජේදාස ගෙනාව 22 සංශෝධනය මෙන්න !

මේ වන විට ගැසට් කර ඇති  22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත හරහා යළිත් විධායක ජනාධිපති ධූරයට ඒකාධිපති බලතල හිමිවන බවත් ඒ හරහා ආඥාදායක පාලනයකට පාර කැපීමේ පැහැදිළි තත්ත්වයක් උද්ගතවන බවත් දේශපාලන විචාරකයන් අනතුරු අඟවයි.

මෙම ව්‍යවස්ථා සංශෝධන කුමන්ත්‍රණ ආණ්ඩු සමයේ පිල්මාරු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ විසින් සිය පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත මගින් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් වගන්ති වෙනස් කිරීමට යෝජනා කර තිබේ.

අධිකරණයේ ස්වාධීනත්වය අවසන් !

මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා තහවුරු කරනු ලැබූ අධිකරණයේ ස්වාධීනත්වය නව සංශෝධනය ක්‍රියාත්මක කෙරුණහොත් නැත්තටම නැතිවී යනු ඇති බවයි.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සං‌ශෝධනය අනුව ජනාධිපතිවරයා විසින් අගවිනිසුරු ‌ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් පත් කළ හැක්කේ ව්‍යවස්ථා සභාවේ අනුමැතියට යටත්වය. එය ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ‌වෙනුවට අධිකරණ සේවා කොමිෂන් සභාවේ අදහස් විමසීමෙන් පසුව ‌ලෙස ‌‌වෙනස් කිරීමට ‌යෝජනා කර ඇත. ඒද  අනුමැතියකට යටත්ව ‌නොව අදහස් විමසීමෙන් පසුව ය.

එසේම  අධිකරණ සේවා කොමිෂන් සභා‌වේ සාමාජිකයන් ඉවත් කිරීම ජනාධිපතිවරයාට සිතූ ‌ලෙස කිරීමට අවස්ථාව අදාළ සංශෝධනය හරහා හිමිකර දී ඇති බවත් විචාරකයන් පෙන්වා දෙයි.

ඒ සඳහන් ‌යෝජනාව ‌මෙසේය. 

wije1

 

එසේම අග්‍රවිනිශ්චයකාරවරයා, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයන්, අභියාචනාධිකරණයේ සභාපතිවරයා සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරයන්, අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා හැර අනෙකුත් සාමාජිකයන්.නීතිපතිවරයා, විගණකාධිපතිවරයා, පොලිස්පතිවරයා, පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්වරයා (ඔම්බුඩ්ස්මන්) පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා යන නිලධාරීන් පත්කිරීමේ දී ජනාධිපතිවරයා ව්‍යවස්ථා සභාවේ අනුමැතියට යටත්ව සිදුකළ යුතු යැයි 19 වන සං‌ශෝධනයේ වගන්තියද ‌වෙනස් කර ඇත. 

wije2

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107. (1) හී දැක්වෙන්නේ  "අග්‍රවිනිශ්චයකාරවරයා ද අභියාචනාධිකරණයේ සභාපතිවරයා ද ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ වෙනත් සෑම විනිශ්චයකාරවරයෙක්ද ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමතයට යටත්ව ස්වකීය අත්සන යටතේ වූ අධිකාර පත්‍රයක් මගින් පත්කරනු ලබන්නා හ." යනුවෙනි.

 නමුත් නව සංශෝධනය දෙස බලන්න.

wije3

ඊට අනුව  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියක් නොමැතිව අදාළ පත්කිරීම් සිදුකිරීමට ජනාධිපතිට අවස්ථාව හිමිවෙයි. ඒ අනුව දේශපාලන විචාරකයන් සඳහන් කරන්නේ අගවිනිසුරු සහ අභියාචනාධිකරණ සභාපති විනිසුරු සහ ‌‌ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණ‌‌යේ ‌සෙසු විනිසුරුවරුන් පත්කිරීමට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය අවශ්‍ය වීම අහෝසි කර එය හුදෙක් විධායක ජනාධිපතිගේ වුවමනාව අනුව සිදුකිරීමට අවස්ථාව හිමිකරදී ඇති බවය.

ඒ අනුව මෙම  22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වුවහොත් එය මෙතෙක් පැවති ස්වාධීන අධිකරණ පද්ධතියේ අවසානය බවත් දේශපාලන විචාරකයන් සඳහන් කරයි.

මේ වන විට ගැසට් කර  තිබෙන 22  වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පහත සබැඳියෙන් කියවා ගත ගැකිය.

http://www.documents.gov.lk/files/bill/2019/12/112-2019_S.pdf?fbclid=IwAR24HinMjClNuOEVI6CHYA7dmIaZDyHGB6lELCoygbbDgUx0zx934BuTnnc

19 ගැන ගෝඨාභයගේ මතය 

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වූ පසු ජනාධිපති බලතල හා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන යළිත් වරක් කතාබහක් ඇතිවුයේ, ඔහු ඉන්දියාවේ හින්දු පුවත්පතට පසුගියදා කළ ප්‍රකාශය හේතුවෙනි.

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් තමන්ට 2/3ක බලයක් ලැබුනහොත් අසාර්ථක 19 වන සංශෝධනය අහෝසිකරන බවට ඔහු එහිදී අවධාරණය කර තිබිණ.

එසේම පසුගිය දෙසැම්බර් 28 දා  මහ නගර සභා, නගර සභා හා ප්‍රාදේශීය සභා ප්‍රධානීන් සමග ජනාධිපති මන්දිරයේ පැවති හමුවේදී ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැවසුයේ, 19 සංශෝධනය රාජ්‍ය පාලනයට විශාල බාධාවක් බවයි.

ජනාධිපතිවරයා පුවත්පත් කර්තෘවරුන් හා විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීන් හමු වූ පලමු අවස්ථාවේදී ද අවධාරණය කර සිටියේ, 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම අහෝසි කළ යුතු බවයි.
 
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මුළු රටම අවුල් කළ බව එහිදී පැවසු ජනාධිපතිවරයා රට ඉදිරියට ගෙනයාමට නම් එය අහෝසි කළ යුතු බව කීවේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න