රහසිගත ජීවිතය අවසන් : හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානියා නැගෙනහිර පළාතට !

රහසිගත ජීවිතය අවසන් : හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානියා නැගෙනහිර පළාතට !

රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) ප්‍රධානියාව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන,නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ඊයේ (01දා) සිය රාජකාරි ආරම්භ කළේය.

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ ළාබාලතම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස සැලකෙන නිලන්ත ජයවර්ධන, වීශිෂ්ට බුද්ධි නිලධාරියෙකු ලෙසද ජාතික හා ජාත්‍යන්තර වශයෙන් නමක් දිනු අයෙකි.

පාස්කු ඉරිදා අන්තවාදීන්ගේ ප්‍රහාරට සම්බන්ධයෙන් සියලු තොරතුරු ප්‍රහාරයට පෙර වාර්තා කිරීමට සමත් වූ ජයවර්ධන, නැගෙනහිර පළා‌තේ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් පළපුරුද්දක් හා දැනුමක් ඇති අයෙකු ලෙසද පිළිගැනේ.

කොළඹ නාලන්ද විද්‍යාලයේ ආදී ශීෂ්‍යයෙකු වන හෙතම, කොළඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධිධාරියෙකි. අර්ධ රහසිගත ජීවිතයක්:රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) ප්‍රධානියාව සිටියදි ඔහුගේ ජයාරුපයක් හෝ මාධ්‍යවල පල නොවුයේ, ඔහු ඉතාමත් රහසිගතව සිය රාජකාරි කටයුතු සිදු කිරීමට වගබලා ගෙන තිබුන හෙයිනි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කමිටුව හමුවට පසුගිය ජුලි 24 වෙනිදා කැඳවනු ලැබූ අවස්ථාවේදී ඊට විරෝධය පළකරමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ පැවසුයේ, “මෙතෙක් කිසිවකු නොදුටු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා රියැලිටි ෂෝ පෙන්වන ‘කෝලං කාරක සභාවට’ ගෙන්වන්න හදනවා'' කියාය.''

මෙතෙක් කිසිවකු හඳුනානොගත්, එක්තරා ආකාරයක අර්ධ රහසිගත ජීවිතයක් ගත කිරීමට සිදුව ඇති, ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සුවිශාල වගකීමක් පැවරී ඇති, මෙරට රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා මෙලෙස මේ ‘රියැලටි ෂෝ’ එකට ගෙනැවිත් ප්‍රශ්න කළාම මොකද වෙන්නේ? ඔහු රට හමුවේ පමණක් නොවෙයි ලෝකය පුරාම අනාවරණය කෙරෙනවා. '' විමල් විරවංශ එදා වැඩිදුරටත් කියා සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න