22 වන ව්‍යවස්ථා සංශෝධනයට ජවිපෙ විරුද්ධයි !

22 වන ව්‍යවස්ථා සංශෝධනයට ජවිපෙ විරුද්ධයි !

පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ විසින්  ඉදිරිපත් කර ඇති 22 වැනි ව්‍යස්ථා සංශෝධනය නැවතත් හිටපු ජනපති ජේ ආර්. ජයවර්ධනගේ කාලයට ගමන් කිරීමක් බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක අවධාරණය කරයි.

සිය ට්විටර් ගිණුමෙන් ඔහු සඳහන් කරන්නේ මෙම පනත් කෙටුම්පතින් විනිසුරන්, විගණකාධිපති, පොලිස්පති, නීතිපති ඇතුළු තනතුරු ජනපතිවරයා විසින් පත්කිරීමට යෝජනා කර ඇති බවයි.

මෙය ජනතාවගේ කැමැත්ත මත ස්ථාපිත කළ ස්වාධීන පද්ධති විනාශ කරන බවත් ඔහු පෙන්වා දෙයි. මෙය ඒකාධිපති වියරුවක් බවත් එය පරාජය කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක තැබූ ට්විටර් සටහන පහත දැක්වෙයි.

Screenshot 20200102 191555

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න