Language Switcher

V2025

මිල පාලනය වෙනුවට රට පුරා එළවළු පෝලිම් : රැල්ල සූදානම් !

එළවළු මිල ඉතා ඉහළ ගොස් ඇති බැවින් පෝලිම් ක්‍රමයට සහන මිලට කියා එළවළු විකිණීමේ වැඩපිළිවෙළක් අමාත්‍ය සී.බී. රත්නායකගේ යෝජනාවක් අනුව ආරම්භ කර ඇත.

ඒ අනූව අද (02) මරදාන දුම්රිය පොළ පරිශ්‍රයේ එවැන්නක් දියත්කර තිබූ අතර ජනතාව පෝළිම්වල සිට සහන මිලට එළවළු ගැනීමට බලාසිටිනු දක්නට ලැබිණ.

එහි සිටි පොදුජන පෙරමුණ ක්‍රියාකාරිකයකු අප වාර්තා කරුට සඳහන් කර ඇත්තේ රට පුරා තාප්ප වල චිත්‍ර ඇඳි රැල්ල එළවළු පෝලිම සඳහා ද ඇතිකර ගත හැකි නම් එය ජනතාවට සහනයක් වනු ඇති බවය.

එසේම මේ මොහොතේ එළවළු මිල පාලනය කිරීමක් අපේක්ෂා කළ නොහැකි බවත් අලුත් ක්‍රම හඳුන්වා දෙන ආණ්ඩුවක් ලෙස මිල පැකේජයක් හරහා එළවළු නිකුත්කරලීමට තම පාර්ශවය මැදිහත් වූ බවත් එම පොදුජන පෙරමුණ ක්‍රියාකාරිකයා සඳහන් කර ඇත.

ඒ අනූව රුපියල් 500කට එළවළු මල්ලක් ලබාදී ඇති බවත් එය කොතරම් ප්‍රමාණයක් ද ? ඒ හරහා ජනතාව ලැබූ සහනය කුමක්ද යන්න පොදුජන පෙරමුණ ක්‍රියාකාරිකයා සඳහන් කිරීමක් සිදුනොකල බවත් අප වාර්තාකරු පැවසීය.