ගුරු - වෘත්තීය සමිති නායකයෙකු වූ පෝලියර් ගුණවර්ධන සහෝදරයා අභාවප‍්‍රාප්ත වේ

ගුරු - වෘත්තීය සමිති නායකයෙකු වූ පෝලියර් ගුණවර්ධන සහෝදරයා අභාවප‍්‍රාප්ත වේ

ගුරු-විදුහල්පති අයිතීන් මෙන්ම නිදහස් අධ්‍යාපන අයිතිය රැකගැනීම වෙනුවෙන් අඛණ්ඩ අරගලයක නිරත වූ ගුරු නායකයෙකු වූ ශී‍්‍ර ලංකා ජාතික ගුරු සංගමයේ ලේකම් පෝලියර් ගුණවර්ධන සහෝදරයා අද (2020.01.02) දින අභාවප‍්‍රාප්ත විය.

මිය යන විට 74 වන වියේ පසු වූ පෝලියර් ගුණවර්ධන සහෝදරයා මෙරට ගුරු-විදුහල්පති සේවාවන් දිනා ගැනීමේ අරගලයේ දී සුවිශාල කාර්ය භාරයක නිරත වූ අයෙකි.

පෝලියර් ගුණවර්ධන සහෝදරයාගේ දේහය ජල්තර රාජ්‍ය සේවක නිවාස සංකීර්ණයේ (රාජ්‍ය සේවක නිවාස සංකීර්ණය, ජල්තර, හංවැල්ල) තබා ඇති අතර, දේහය පිළිබඳ අවසන් කටයුතු 2020 ජනවාරි 05 ඉරිදා දින ප.ව. 5.00 ට හබරකඩ ආදාහනාගාරයේ දී සිදු කිරීමට නියමිතය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න