හාල් මිල සාධාරණයි - මහින්ද යාපා : ඩඩ්ලි ගේම ඉල්ලයි !

හාල් මිල සාධාරණයි - මහින්ද යාපා : ඩඩ්ලි ගේම ඉල්ලයි !

රුපියල් සීයකට සහල් කිලෝවක දීම සාධාරණ යයි රාජ්‍ය ඇමැති මහින්ද යාපා අබේවර්ධන  සඳහන් කරයි.හාල් කිලෝවක් රුපියල් සියයකට දීමේ කිසිදු අසාධාරණයක් නොමැති බවත් ගොවීන්ටද වී සදහා සාධාරණ මිලක් දිය යුතු බවත් ඔහු සඳහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවක් අමතමිනි.ඔහු තවදුරටත් කියා සිටියේ වී ගබඩා කිරීමේ පහසුකම් වැඩි කිරීම සම්බන්ධයෙන් රජයේ යොමු වී ඇතැයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

ඩඩ්ලි ආණ්ඩුවෙන් ගේම ඉල්ලයි !

මේ අතර ආණ්ඩුවේ අකාර්යක්ෂම කළමනාකරණය හේතුවෙන් හාල් මිල ඉහළ ගොස් ඇති නමුත් ආණ්ඩුවේ ඇතමුන් එය තම ව්‍යාපාරයේ වරදක් ලෙස දක්වමින් ජනතාව නොමග යවන බව ලංකාවේ මහා පරිමාණ සහල් මෝල් හිමියකු වන ඩඩ්ලි සිරිසේන පවසයි.

තමන් වරදක් කරන බව ආණ්ඩුව හිතනවා නම් තම ව්‍යාපාරය සඳහා නියමිත තක්සේරුවක් කර ව්‍යාපාරය ආණ්ඩුවට මිලදී ගැනීමට හැකි අතර ඊට තමන් සූදානම් බවත් ඔහු පවසයි.

ඩඩ්ලි සිරිසේන මේ බව සඳහන් කර සිටියේ පොලොන්නරුවේ පැවති උත්සවයක් අමතමින්ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න