කතානායක කරූ පොලිස් කොමිසමට බාධා කළාද ? මෙන්න ඇත්ත !

කතානායක කරූ පොලිස් කොමිසමට බාධා කළාද ? මෙන්න ඇත්ත !

"කතානායක කරූගෙන් පොලිස් කොමිසමට බාධායන සිරස්තලයෙන් යුතුව ඉකුත් 31 වැනිදා එක්තරා පුවත්පතක් විසින් පළ කර ඇති පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය එකක් බව ජාතික ‌පොලිස් ‌කොමිසම නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර ඇත.

අදාළ පුවතේ සදහන් කර ඇති දිනයේ ‌හෝ ‌වෙනත් කිසිදු දිනෙක කතානායකවරයා හා ‌පොලිස් ‌කොමිසම අතර කිසිදු හමුවක් පවත්වා ‌නොමැති බවත්, එවැනි ආකාරයේ කිසිදු බලපෑමක් කතානායකවරයා විසින් කිසිදු අවස්ථාවක කර ‌නොමැති බවත් දැනුම් දී තිබේ.

එවැනි ආකාරයේ අසත්‍ය පුවත් පළ කිරීම මගින් ජාතික ‌පොලිස් ‌කොමිසමේ ප්‍රතිරූපයට හානි සිදුවිය හැකි බව ‌පෙන්වා ‌දෙන ‌‌කොමිසම වහාම එම පුවත නිවැරදි කරන ‌ලෙසද සදහන් කර තිබේ.

මීට අමතරව ඊ‌යේ දිනයේ කතානායකවරයාද ‌මෙම පුවත අසත්‍යයක් බවට නිවේදනයක් නිකුත් කර තිබුණද අදාළ පුවත්පත නැවත වතාවක් කියා සිටියේ තම පුවත නිවැරදි යැයි කියාය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න