පරණ 100ක් ගෙදර යවන්න : ගෝඨාගෙන් අළුත් මුහුණු 100ක් !

පරණ 100ක් ගෙදර යවන්න : ගෝඨාගෙන් අළුත් මුහුණු 100ක් !

ඉදිරි මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අලුත් මුහුණු 100 ක් ඉදිරිපත් කිරීමට සැළසුම් කර ඇති බව Lanka Lead News වාර්තා කරයි.

ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් විරවංශ අමාත්‍යවරයාගේ මෙහෙයවීම මත ක්‍රියාත්මක වන එම වෙබ් අඩවිය ඒ සම්බන්ධයෙන් තවදුරටත් මෙසේ සඳහන් කර තිබේ.''මේ සඳහා උගත්, බුද්ධිමත් තරුණ පිරිසක් ඉදිරිපත් කිරීමට සැළසුම් කර ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුමැතිය මත ක්‍රියාත්මක වෙන මෙම වැඩ පිළිවෙළ සඳහා ඉදිරි මැතිවරණයේදී දිස්ත්‍රික්ක මට්ටමින් තරග කිරීම සඳහා මේ අලුත් මුහුණු ද ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයි වාර්තා වේ.''(උපුටා ගැනීම අවසන්) 

පොහොට්ටු සන්ධානයෙන් වියත්මඟට විරෝධයක් !

මේ අතර 'අනිද්දා' පුවත්පත පසුගියදා වාර්තා කර තිබුනේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට හිතවත් 'වියත්මඟ' සංවිධානයේ පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ සාමාජිකත්වය දරන කිසිඳු පක්ෂයක සාමාජිකත්වය නොගෙන ඉදිරි මහ මැතිවරණයේදී අපේක්ෂකයින් ලෙස ඉදිරිපත්වීමට බලාපොරොත්තුවෙන් සිටීම පිළිබඳව එම සන්ධානයේ පක්ෂ නායකයින් අතර විරෝධයක් මතුව ඇති බවයි.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, වෘත්තිකයින් හා හිටපු හමුදා නිලධාරීන් පිරිසක් මෙලෙස මහ මැතිවරණයට ඉදිරිපත්වීමට බලාපොරොත්තුව සිටින අතර ආචාර්ය නාලක ගොඩහේවා, මිලින්ද රාජපක්ෂ, අජිත් නිවාඩ් කබ්රාල් හා ආචාර්ය චරිත හේරත් ඒ පිරිස අතර සිටිති.එම අපේක්ෂකයින් ජනාධිපතිවරයාගේ සෘජු මැදිහත්වීමෙන් දේශපාලනඥයින්ට පරිබාහිර වියතුන් පිරිසක් ලෙස හඳුන්වා ප්‍රවර්ධනය කිරීමට කටයුතු යොදා ඇතැයි ද එම පුවත් වාර්තාවේ සඳහන්වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න