දැනටමත් බලගැටුම ඇතිවෙලා - බිමල්

දැනටමත් බලගැටුම ඇතිවෙලා - බිමල්

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කථාවේදී මහින්ද රාජපක්ෂ මහතාගේ නම ප්‍රකාශයට පත් නොකළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රාජපක්ෂ මහතා පැවැසීය.

මෙහිදී ජනපතිවරයා විනාඩි අටක කාලයක් රාජපක්ෂ පවුල පිළිබඳව සඳහන් කළත් එහිදී මහින්ද රාජපක්ෂ මහතාගේ නම සඳහන් නොකළ බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මේ අනුව දැනටමත් බලගැටුම ඇතිවී ඇති බවත් තහනම් වචනය මහින්ද රාජපක්ෂ යන වචනය බවත් ඔහු පැවැසීය.

මේ පිළිබඳව පසුව අදහස් දැක්වූ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේ ගෝඨාභය රාජපක්ෂ මහතා සාටකය පදනම් කරගත් දර්ශනය ගැන සඳහන් කළ බවයි.

එසේම කිසිවිටකත් රාජපක්ෂවරුන් බිඳලිය නොහැකි බවත් ඔහු පැවැසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න