CID ශානී වරදක් කර නෑ : කළම්බු ටෙලිග්‍රාෆ් කර්තෘ !

CID ශානී වරදක් කර නෑ : කළම්බු ටෙලිග්‍රාෆ් කර්තෘ !

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සමඟ සිදුකළ මතභේදාත්මක දුරකතන සංවාදවලින් අනතුරුව ලද පැමිණිලි මත පොලිස් කොමිෂන් සභාව විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරගේ සේවය අත්හිටුවා ඇතත් බැලු බැල්මට ඔහු කළ වරදක් පෙනෙන්නට නැති බවත්, ඔහුට එරෙහිව චෝදනා ඉදිරිපත් කිරීම සඳහා 'රෙකෝඩිංග්ස්වල ෆොරෙන්සික්' වාර්තාවක් කැඳවිය යුතු බවත් 'කලම්බු ටෙලිග්‍රාෆ්' කර්තෘ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය පෙන්වා දෙයි.

 සිය FB පිටුවේ සටහනක් තබමින් ඔහු එබව සඳහන් කර තිබේ. එහි වැඩිදුරටත් මෙසේද දැක්වේ.

''හඬපට විසිගානක් ඇහැව්ව. මට නම් ශානි කරපු වරදක් පේන්නෙ නැහැ. එයා කරන්නෙ මහජන නියෝජිතයෙක් එක්ක දේවල් කතා කරන එක. රන්ජන් කරන්නෙ මේ ඔක්කොම අස්සෙ එයාට විරුද්ධව තියෙන අධිකරණයට අපහාස කිරීමට විරුද්ධව තියෙන නඩුවට කරුණු හොයන එක.

ශානි එකම නොදන්න දෙයයි කියන්නෙ. රන්ජන් අහනව කොල්වින් කරපු ගොයන් කොළයට වසන් වෙලා වෙඩි තිබ්බ කියන නඩුව ගැන. ශානි කියනව ඒකට NLR එකක් තියෙනව කියල. ඇත්ත කතාව එහෙම නඩුවකුත් නැහැ. ඒ කොල්වින්ගෙ දක්‍ෂකම පෙන්නන්න හදපු බොරු කතාවක් ගොයම් කොල කතාව. ඕගොල්ල හිතන විදියට ශානි කරන වැරදි මොනවද මේ කොන්වර්සේෂන් වල?

දප්පුල ගැනත් ශානි දීල තියෙන්නෙ මාර සහතික:

දප්පුල ගැනත් ශානි දීල තියෙන්නෙ මාර සහතික. දප්පුල කියන්නෙ වැඩේ කරන, කාටවත් කතා නොකරන කෙනෙක් ලු. ගෝටට "සෙකට්‍රි" කියල කතා කරපු එකම නිලධාරියාලු, ඒකත් ගෝට පීක් එකේ ඉන්න කාලෙ ලු. ගෝට ඒ කාලෙත් වලිලු දප්පුල එක්ක. එහෙම බැලුවොත් කොන්ඩෙ කැපුවත් අගවිනිසුරු වෙන්න බැරි සීන් එකක් තියෙන්නෙ. ''

unnamed

රන්ජන් CID -FCID නිලධාරීන් වසඟ කරගත් හැටි !

යහපාලන ආණ්ඩුව බලයට පත්වූ මුල් වකවානුවේදී, පසුගිය රාජපක්ෂ පාලනය යටතේ සිදුකරන ලදැයි පැවසුන වංචා දුෂණ පිලිබඳ විමර්ශන කටයුතු ඒ සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුවේ සිටි ඉහලම විශේෂඥයින් කිහිප දෙනෙකු වෙත පවරනු ලැබූ අතර FCID හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යලංකාර හා CID හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඒ අතර සිටි ප්‍රධානින් දෙදෙනෙකි.

ඔවුන් ඇතුළු ඊට අදාල පොලිස් කණ්ඩායම් සිය විමර්ශන සිදුකරමින් වංචා දුෂකයින් කොටුකරමින් සිටියදී යහපාලන ආණ්ඩුවේ ජනාධිපති, අගමැති හා විෂයබාර ඇමතිවරුන් ඔවුන්ගේ රාජකාරිවලට බාධා කල අතර රාජපක්ෂවරුන් බේරා ගැනීමට දැඩි ලෙස මැදිහත්විය. ඇතැම් අවස්ථාවලදී එවැනි දක්ෂ නිලධාරීන්ට දඬුවම් ස්ථාන මාරුවීම් ද ලබාදුන්නේය.

එවැනි තත්වයක් තුල රවී වෛද්‍යලංකාර වැනි පුද්ගලයින් යලි රාජපක්ෂවරුන්ගේ ඔඩොක්කුවට තල්ලුවී ගිය මොහොතක රාජකාරිය දේවකාරියක් ලෙස ඉටුකළ ශානි අබේසිංහ වැනි නිලධාරීන් වෙනුවෙන් හා එවැනි විමර්ශන වෙනුවෙන් පෙනී සිටියේ රන්ජන් රාමනායක වැනි එජාප මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු හා ජවිපෙ මන්ත්‍රීවරුන් පමණි.

'මේ ඔක්කොමල එකයි මල්ලි' යන නරුම සත්‍යය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමින් සිටි රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා එවැනි තත්වයක් තුල රාජකාරිය අකුරට කළ නිලධාරීන්ගේ විශ්වාසය දින ගැනීමට සමත්විය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න