රනිල් අගමැති ධුරයෙන් ඉවත්විය යුතුයි - දිනේෂ්

රනිල් අගමැති ධුරයෙන් ඉවත්විය යුතුයි - දිනේෂ්

අද පැවති පළාත් පාලන මැතිවරණයේ දි ලැබී ඇති ජනමතයට අවනත වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් වහාම ඉල්ලා අස්විය යුතු යයි ඒකාබද්ධ විපක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

මැතිවරණ ප්‍රතිපල නිල වශයෙන් ප්‍රකාශකළ වහාම මාධ්‍ය හමුවක් කැඳවා එම ඉල්ලීම කරන බව ඔහු කියා සිටියි.

susil P 1000px

'ජනමතය අනුව අගමැති වෙනස් විය හැකියි' - ඇමති සුසිල්

මේ අතර අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසන්නේ, අද පැවති පළාත් පාලන මැතිවරණයේ දි ජනමතය වෙනස් වුනොත් ආණ්ඩුව, අගමැති සියල්ලම වෙනස් විය හැකි බවයි.

''2015 ජනවාරියේ පැවති ජනාධිපතිවරණයේ දි ජනමතය වෙනස් වූනා, ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වුනා. ඒ අනුව පෙබරවාරි 10 වෙනිදා (අද) ජනමතය වෙනස් වීමට ඉඩ තියෙනවා.එතකොට අගමැති වෙනස් වෙයි'' යයි අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පැවසුයේ පසුගිය දා මාධ්‍ය හමුවකදිය.

''ආණ්ඩු තියෙන්න පුලුවන්, නැවත පිහිටුවා ගන්න පුලුවන්, මැතිවරණ තියෙන්න පුලුවන්. නමුත් රටක පැවත්ම සඳහා රටේ ආර්ථිකය හැසිරවීම මීට වඩා වගකීමකින් කටයුතු කල යුතුයි'' යන්න මෙම පලාත් පාලන මැතිවරණය ඉලක්ක කරමින් හෙතෙම වැඩිදුරටත් පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න