ගැබිනි මව්වරුන්ට දුන්න පෝෂණ මල්ල අත්හිටුවලා !

ගැබිනි මව්වරුන්ට දුන්න පෝෂණ මල්ල අත්හිටුවලා !
ගැබිනි මව්වරුන් සඳහා පසුගිය ආණ්ඩුව විසින් ලබාදුන් මාසික පෝෂණ මල්ල නිකුත් කිරීම නැවත දැනුම්දෙන තුරු අත්හිටුවීමට දන්වා ඇති බව කෝප්සිටි කළමනාකරුවන් සඳහන් කරයි.
 
මේ සම්බන්ධව ඇතැම් කෝප්සිටි වෙළෙඳසැල්වල දැන්වීමක්ද පළකර තිබෙණු දක්නට ලැබිණ.
 
ඒ සම්බන්ධව විමසීමේදී ඔවුන් සඳහන් කර සිටියේ තමන්ට රජයෙන් ලැබුණු උපදෙස් මත මෙසේ කටයුතු කරන බවත් නැවත පෝෂණ මල්ල සඳහා භාණ්ඩ නිකුත්කරන දිනයක් සඳහන් කිරීමට නොහැකි බවත්ය.
 
පාසල් නිල ඇඳුම් වව්චරයත් අඩු කරලා !
 
මේ අතර පාසල් සිසුන් සඳහා නොමිලේ නිකුත්කරන නිල ඇඳුම් සඳහා වන වව්චරයත් කප්පාදු කර ඇති බවට සමාජ මාධ්‍ය ජාල තුළ ප්‍රචාරය වෙමින් පවතී.
 
ඊට අනූව රුපියල් 1000.00 ක් වූ නිල ඇඳුම් වව්චරය රුපියල් පන්සිය ගණනක් දක්වා අඩුකර ඇත.
 
දින කිහිපයක සිට මේ සම්බන්ධව විවේචන පැතිර යන නමුත් ආණ්ඩුවේ පාර්ශවයෙන් ඊට පැහැදිලි ප්‍රතිචාරක් නිකුත්කර නැත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න