මද්‍රසා පාසල් ගැන අගමැති මහින්දගේ ස්ථාවරය මෙන්න !

මද්‍රසා පාසල් ගැන අගමැති මහින්දගේ ස්ථාවරය මෙන්න !

ශ්‍රී  ලංකාවේ  පිහිටුවා තිබෙන සියලූම මද්‍රසා පාසල් මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ යුතු බව කී අග‍්‍රාමාත්‍යවරයා එම පාසල්වල උගන්වනු ලබන විෂය මාලා පිළිබද විධිමත් සිදුකරන ලෙසට අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තු නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ඒ බුද්ධ ශාසන ආගමික කටයුතු හා සංස්කෘති කටයුතු අමාත්‍යංශයේ ප‍්‍රගති සමාලෝචන රැස්වීමට සහභාගි වෙමින්ය.

එමෙන්ම එම පාසල්වල උගන්වනු ලබන විෂය මාල පිළිබදව විධිමත් අධ්‍යයනයක් සිදුකර මුස්ලිම් කටයුතු අමාත්‍යංශය හා අධ්‍යාපන අමාත්‍යංශය එක්ව නිවරදි විෂය නිර්දේශයක් සකස් කරන ලෙසද අගමැතිවරයා උපදෙස් දුන්නේය.

එදා කිව්වෙ වෙන කතාවක් !

කෙසේ වුවත් පසුගිය සමයේ පොදුජන පෙරමුණට සම්බන්ධ පාර්ශව මෙම මුස්ලීම් මද්‍රසා පාසල් වසා දැමිය යුතු බවත් ඒ එම පාසල් වල මූලධර්මවාදී / අන්තවාදී අදහස් උගන්වන නිසා බවත් ප්‍රකාශය විය.

නමුත් දැන් එම කිසිවෙකු ඒ ගැන කිසිවක් සඳහන් කරන්නේ නැත. 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න