වෛද්‍ය සාෆි යළිත් රාජකාරියේ : වඳ නාඩගම නැටූ පොහොට්ටුවන් චොරේ චොර වෙයි !

වෛද්‍ය සාෆි යළිත් රාජකාරියේ : වඳ නාඩගම නැටූ පොහොට්ටුවන් චොරේ චොර වෙයි !

කුරුණෑගල මහ රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය මොහොමඩ් සාෆි හට නැවතත් සිය රැකියාව ලබාදීම කෙරෙහි අවධානය යොමුව ඇතැයි වාර්තා වෙයි.

ඒ සඳහා වන නිර්දේශ ලබාදෙන ලෙස රාජ්‍ය සේවා කොමිෂන් සභාව, සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී ඇති බවද වාර්තා වෙයි.

වන්ධ්‍යාකරණය සම්බන්ධයෙන් චෝදනා ලැබූ මෙම වෛද්‍යවරයාගේ සේවය තාවකාලිකව අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගිය සමයේ තීන්දු කල අතර ඒඔහුට එරෙහිව කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාගවීම පදනම් කරගෙනය.

වාර්තා වන ආකාරයට  අධිකරණ වාර්තා සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන වාර්තා පදනම් කරගනිමින් මෙම වෛද්‍යවරයාට යළි පත්වීම ලබාදීම සඳහා අවශ්‍ය නිර්දේශ යොමු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

කෙසේ වුවත් සාෆි යනු ජන සංහාරකයෙක්, තරම් ව්‍යාජ අර්ථ ලබාදුන් පොදුජන පෙරමුණට සම්බන්ධ කිසිවෙකු මේ නව තීන්දුව ගැන කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත.

සාෆි වෛද්‍යවරයා සම්බන්ධ පළමු අවස්ථාවේ සිට අප වෙබ් අඩවිය ඔහු වෙනුවෙන් පෙනීසිටි අතර ඒ මෑත ඉතිහාසයේ අපේ නිරවද්‍යතාව මේ වර්තමානය විසින් තහවුරු කර ඇත .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න