වෝහාරික විගණන වාර්තාව මන්ත්‍රීවරුන්ට දෙන්න : කරූ නීතිපතිගේ මතය විමසයි !

වෝහාරික විගණන වාර්තාව මන්ත්‍රීවරුන්ට දෙන්න : කරූ නීතිපතිගේ මතය විමසයි !

බැදුම්කර ගනුදෙනුව පිළිබඳ වෝහාරික විගණන වාර්තා (Forensic Audit Report) නිකුත් කිරීම පිළිබඳව කතානායක කරූ ජයසූරිය නැවත වතාවක් නීතිපතිවරයාගේ මතය විමසා ඇතැයි පාර්ලිමේන්තුවේ ආරංචිමාර්ග පවසයි.පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත වාර්තා නිකුත් කිරීම සඳහා නීතිපතිවරයාගේ අවසරය ලබාගැනීමේ අවශ්‍යතාවක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් ගණනාවක් ම ප්‍රකාශ කර ඇති අතර ඒ අනුව කතානායකවරයා එම ප්‍රකාශ පිළිබඳව නැවතත් නීතිපතිවරයාගේ මතය විමසා තිබේ.

පාර්ලිමේන්තුව වෙත ලැබී ඇති වෝහාරික විගණන වාර්තා මේ වනවිට තිබෙන්නේ පොදු ව්‍යාපාර කාරක සභා කාර්යාලයෙහි බව ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කළේය. 

කෙසේ වෙතත් පොදු ව්‍යාපාර කාරක සභාව ඇතුළු පාර්ලිමේන්තු කාරක සභා තවමත් පත් කර නොමැති පසුබිමක කතානායකවරයාට එම වාර්තා සභාගත කිරීම හෝ නොකිරීම පිළිබඳව තීන්දුවක් ගැනීමේ හැකියාවක් තිබෙන බව පැවසේ.

පාර්ලිමේන්තුවේ කාරක සභාවලට සාමාජිකයන් පත් කිරීම පිළිබඳව තීන්දුවක් ගැනීම සිදුවන්නේ මීළඟ පක්ෂ නායක රැස්වීම පවත්වන ජනවාරි 20 වැනිදාය.

නීතිපතිගේ හැසිරීම අවුලක් !

මහ බැංකු බැඳුම්කර වෙන්දේසී පිළිබඳ සිදුකරන ලද වෝහාරික විගණන වාර්තාවක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැන්ම ලබා නොදෙන ලෙස නීතිපතිවරයා නව ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු කථානායකවරයාට දැනුම් දී තිබිණ.

නීතිපතිවරයාගේ එම දැනුම්දීම කථානායකවරයා ජනවාරි 07 දින පර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබීය.

වෝහාරික විගණන වාර්තා නීතිපතිවරයාට ගෙවනු ලැබුවේ හිටපු ජනාධිපතිවරයාය. නීතිපතිවරයා විසින් එහි පිටපත් මුදල් ඇමතිවරයාටත්, පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවටත් යොමු කරනු ලැබීය.

වත්මන් ජනාධිපතිවරයා පාර්ලීමේන්තුවේ වාරාවසාන නොකළේ නම් එම වාර්තාව කෝප් කමිටුව සලකා බලන්නට සිටියේ පසුගිය වසරේ දෙසැම්බර් 03 වෙනිදාය.

 කෝප් කමිටුව තීරණයක් ගත්තේ නම් ඊට පෙර එය සියලු මන්ත්‍රීවරුන්ට බෙදාහැරීමට පවා ඉඩ තිබුණි. කෝප් කමිටුව යනුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නිසා එම වාර්තාව මන්ත්‍රීවරුන් අතට යෑම වැළැක්විය නොහැකිය.

නීතිපතිවරයා එම වාර්තාව කෝප් කමිටුවට යොමු කළේ සලකා බලන්නට මිසක් කවරයක දමා බහා තබන්නට නොවේ.

මහ බැංකු බැදුම්කර සම්බන්ධයෙන් දැනට පවතින නඩු හා මේ වෝහාරික විගණනය අතර සම්බන්ධයක් නැත. මන්ද එම නඩු පවරා ඇත්තේ හා මහ බැංකු බැදුම්කර පිළිබඳ ජනාධිපති කොමිසම කටයුතු කළේ වෝහාරික විගණනය පදනම් කර ගනිමින් නොවන නිසාය.

නව ආණ්ඩුවක් පත්වීමට පෙර එම වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට සලකා බැලීමට හොඳ වීමටත්, නව ආණ්ඩුවක් පත්වීමෙන් පසු එය නරක් වීමටත් හේතුවක් නැත.

නීතිපතිවරයාගේ අලුත්ම ස්ථාවරය පිළිබදව හේතුවක් තිබේනම් එය රටට කෙසේ වෙතත් පාර්ලිමේන්තුවට සවිස්තරව පැහැදිළි කළ යුතුය.

පාර්ලිමේන්තුවට වාරණ දෑමීමේ බලයක්ද පාර්ලිමේන්තුව කටයුතු කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳ උපදෙස් දීමේ හැකියාවක්ද නීතිපතිවරයාට නොමැතිබව ඔහු තේරුම් ගත යුතුය.

(මුලාශ්‍රය - අනිද්දා )

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න