Language Switcher

V2025

'නෑදෑකම්වලට, හිතවත්කම්වලට නාමයෝජනා නෑ' -ජනපති

නෑදෑකම්වලට, හිතවත්කම්වලට මහ මැතිවරණයේදී නාමයෝජනා නොදෙන බවත්, පාර්ලිමේන්තු යාමට අවශ්‍ය නම් අවංකව වැඩ කරන ලෙසත් නැත්නම් ගෙදර ඉන්නා ලෙසත් තමන්ට හිතවත් පිරිසක් අමතමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ පවසා ඇත.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ය.

පවතින දේශපාලන සංස්කෘතිය සම්බන්ධයෙන් ජනතාව අතර යහපත් ප්‍රතිචාරයක් නොමැති බව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර තිබේ.

ඒ අනුව මෙරට පවතින දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම සඳහා ගත හැකි මෙන්ම ගතයුතු සියලු තීන්දු තීරණ ගැනීමට තමන් නොපැකිළෙන බවද ජනාධිපතිවරයා අවධාරණය කොට තිබේ.

නාමයෝජනා අහිමිව යාමේ අවධානමක් !

මේ සම්බන්ධයෙන් පුවතක් පළකර ඇති ආණ්ඩුවට හිතවත් වෙබ් අඩවියක් විසින් වාර්තා කර ඈත්තේ, මෙම තත්ත්වය මත ඉදිරි මහ මැතිවරණයේ දී බොහෝ පිරිසකට මැතිවරණයට තරග කිරීමේ නාමයෝජනා අහිමිව යාමේ අවධානමක් පවතින බවයි.

චෝදනා ලැබූ දූෂිතයින් කිසිවකුට නාමයෝජනා ලබා නොදීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇති බව ද එම වෙබ් අඩවිය වාර්තා කරයි. එම පුවත් වාර්තාවේ මෙසේද සඳහන් වේ.

ඇතැම් දූෂිතයින් විකල්ප මාර්ග ඔස්සේ මැතිවරණයට ඉදිරිපත් වීමේ උත්සාහයක් ඇති හෙයින් එය පරාජය කිරීමේ වගකීම ජනතාව වෙතද පැවරෙන බව ජනාධිපතිවරයා විසින් පෙන්වා දී තිබේ.

හැමවිටම තමන් තීන්දු තීරණ ගන්නේ ජනතාවගේ පැත්තේ සිට වන බැවින් පෞද්ගලික හිතවත්කම් රාජ්‍ය පාලනයේදී අදාළ නොවන බව තමන් විශ්වාස කරන බවද ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

ජනතාව විසින් තමාට ලබාදුන් පාලන කාල සීමාව තුළ රටේ සෑම අංශයකම සංවර්ධනයක් ඇති කිරීම සිය එකම අරමුණ බවත්, ඒ වෙනුවෙන් ගතයුතු ඕනෑම තීරණයක් ගැනීමට තමන් නොපසුබට වන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.''

(උපුටා ගැනීම අවසන්)

 ඥාතීන්ට තනතුරු දීම ගැන අභ්‍යන්තර විරෝධයක් !

ජනාධිපතිවරයා ඥාති සංග්‍රාහයට කිසිඳු ඉඩක් නොතබන බව ඔහුට හිතවත් සමාජ මාධ්‍ය දස අතේ සහතික වෙද්දී, රාජපක්ෂ පවුලේ ඥාතීන් කිහිප දෙනෙකුට රජයේ තනතුරු ප්‍රදානය කර ඇති බවට ඇතැම් මාධ්‍ය වාර්තා වල සඳහන් වේ.

ඒ සම්බන්ධයෙන් සිය FB පිටුවේ සටහනක් පළකර ඇති 'කලම්බු ටෙලිග්‍රාෆ්' කර්තෘ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය මෙසේ පවසයි.

''ස'ලගෙ හැම එකම හෝදන බයිසන්ල කියන්නෙ අර මාමයි නැන්දයි දෙන්න මාර සුදුසුකම් තියෙන අයලු ටුවරිසම් ෆීල්ඩ් එකේ. ඔවුම කියමුකො ඒව, ඉතිං ඒ සුදුසුකමුයි මේ දීල තියෙන ජොබ් දෙකයි අතර සම්බන්ධෙ මොකක්ද? Airport and Aviation Services (Sri Lanka) Ltd කියන්නෙ ලංකාවෙ ගුවන් තොටුපලවල් පාලනය කිරීමටයි, ඒව සංවර්ධනය කිරීමටයි තියෙන ආයතනය. ලොකු ප්‍රොජෙක්ට්ස් ඒ ආයතනයට ප්ලෑන්කරල තියෙන්නෙ කාලෙක ඉඳන්!

AA