රුපියල් 1000ක වැටුප පොලු : පහතරට වතු කම්කරුවන් ජන්ද වර්ජනයකට සැරසෙයි !

රුපියල් 1000ක වැටුප පොලු : පහතරට වතු කම්කරුවන් ජන්ද වර්ජනයකට සැරසෙයි !

වතු කම්කරැ වැටුප වැඩි නොකළ හොත් මහ  මැතිවරණයේදී ඡන්දය දැමීම වර්ජනය කරන බව පහතරට වතු කම්කරුවන්ගේ සංගමය අනතුරු හගවයි.

නිවේදනයක් නිකුත්කරමින් එම සංගමයේ සභාපති රුවන් ගාල්ලගේ මේ බව සදහන් කරන අතර ඉර හද මෙන් විශ්වාස කරමින් බලයට පත්කළ පාලකයා ජනාධිපතිවරණයේ දී පොරොන්දු වූ පරිදි කම්කරැ වැටුප රැපියල දහස දක්වා වැඩි කිරීම දිගින් දිගටම මගහරිමින් සිටින බවත් එහි සදහන් කර තිබේ.

අදාල නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සදහන් වෙයි. පහත රට වතුකරයේ බහුතරයක්වූ හින්දු භක්තිකයන් මහත් භක්තියෙන් යුතුව තෛයිපොන්ගල් උත්සවය මෙම 15 වන දින සමරති. ස්භාවදහමට ලැදියාවෙන් යුතුව සූර්යාට හා ගව මහේෂාදීන්ට කෘත ගුණ සැලකීම මුල් කරගෙන පැවැත්වෙන තෛයිපොන්ගල් උත්සවය තුළින් වසර පුරාම ඔවුන් ස්භාදහමේ හා දෙවියන්ගේ ආශිර්වාදය බලාපොරොත්තු වෙති.

ඉර හද මෙන් විශ්වාස කරමින් බලයට පත්කළ පාලකයා ජනාධිපතිවරණයේ දී පොරොන්දු වූ පරිදි කම්කරැ වැටුප රැපියල දහස දක්වා වැඩි කිරීම දිගින් දිගටම මගහරිමින් සිටිති.

අත්‍යවශ්‍ය ආහාර මිල ඉහළයාම, විදුලි බිල ගෙවා ගැනීමට නොහැකිවීම, පාසැල් ළමයින්ගේ පොත්පත් ආදිය මිලට ගැනීමට නොහැකිවීම යන කරැණු නිසා  මේ වතුකම්කරැවා අන්ත අසරණ තත්වයට පත්ව ඇත.

දේශපාලකයින් කෙරෙහි විශ්වාසයක් නැති පහත රට වතු කම්කරැවන් අප ඉදිරි මැතිවරණයට පෙර වතු කම්කරැ වැටුප් ගැටලුවට කඩිනම් විසදුමක් නොලැබුනොත් මෙවර මහමැතිවරණයේදී ඡන්දය වර්ජනය කිරීමට කටයුතු කරන බව රජයට අවධාරණය කර සිටිමු.

ස්තුතියි,

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න