ගසා කන්නන්ට ඉඩක් : පාරිභෝගික කටයුතු අධිකාරිය හිස් !

ගසා කන්නන්ට ඉඩක් : පාරිභෝගික කටයුතු අධිකාරිය හිස් !

නව රජය පත්වීමෙන් පසු  පාරිභෝගික කටයුතු අධිකාරියේ සාමාජිකයින් ඉවත් වූ අතර ඒ වෙනුවට නව සාමාජිකයින් පත් කිරීම රජය විසින් දිගින් දිගටම පමා කිරීම නිසා පාරිභෝගික පැමිණිලි විභාග කිරීම මේ වන විට ඇණ හිට ඇති බවට පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය චෝදනා කරයි.

නිවේදනයක් නිකුත්කරමින් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මේ බව අවධාරණය කරන අතර ඔහු නිකුත්කල නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සදහන් වෙයි.

2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු අධිකාරි පනතතේ 3 වන වගන්තියට අනුව කර්මාන්ත, නීතිය, ආර්ථික විද්‍යාව, වාණිජ්‍ය, පරිපාලනය, ගිණුම්කරණය, විද්‍යාව හෝ සෞඛ්‍ය ක්ෂ්ත වල පෘථුල පළපුරැද්දක් හා විශිෂ්ඨතාවයක් ලබා ඇත්තා වූ පුද්ගලයින් අතරින් දහයකට නොඅඩු සංඛ්‍යාවකින් එසේ සාමාජිකයින් පත් කල යුතුය.

පාරිභෝගික පැමිණිලි විභාග කිරීම සදහා සම්බන්ධ වන්නේ එම සාමාජිකයින්ය. පාරිභෝගික පැමිණිලි විභාග කරනු ලබන එම සාමාජිකයින් තවම පත් කර නැති නිසා පාරිභෝගික අධිකාරියට පැමිණිලි ඉදිරිපත් කරන ලද පාරිභෝගිකයින්ට සිදු වන්නේ විශාල අසාධාරණයකි.

පාරිභෝගිකයින් සමහර පැමිණිලි පාරිභෝගික අධිකාරියට කර ඇත්තේ මීට වසර තුනකට පෙරය.

මෙරට දෙකෝටිය ඉක්ම වූ පාරිභෝගිකයින් ආරක්ෂා කිරීම සදහා පිහිටුවා ඇති එකම ආයතනය පාරිභෝගික කටයුතු අධිකාරිය වන නිසා ඉතා ඉක්මනින් පාරිභෝගික කටයුතු අධිකාරියට සමාජිකයින් පත් කරන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිමු.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න