ලංකාවේ මානව හිමිකම් බරපතල අනතුරක - හියුමන් රයිට් වොච් !

ලංකාවේ මානව හිමිකම් බරපතල අනතුරක - හියුමන් රයිට් වොච් !

ශ්‍රී  ලංකාවේ මූලික මානව හිමිකම් සඳහා වන ගෞරවය බරපතළ අනතුරකට ලක්ව ඇති බව ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් වන “හියුමන් රයිට්ස් වොච්“ සංවිධානය පවසයි.එම සංවිධානය 2020 වර්ෂයේ වාර්ෂික මානව හිමිකම් සමාලෝචනය ඉදිරිපත් කරමින් මේ බව සඳහන් කර තිබේ.

රටවල් සියයකට ආසන්න සංඛාවක මානව හිමිකම් සමාලෝචනය කරමින් 2020 වාර්තාව එළිදක්වා ඇති බව සඳහන් වෙයි.

“රයිට්ස් වොච්“ සංවිධානයේ දකුණූ ආසියාවේ අධ්‍යක්ෂ මිනාක්ෂි ගංගුලි පෙන්වා දෙන්නේ මූලික අයිතිවාසිකම් ප්‍රතිස්ථාපනය කිරිමේදී හා ප්‍රජාතන්ත්‍රවාදී ආයතන නැවත ගොඩනැංවිමේදී ශ්‍රී ලංකාව පසුගිය වසරවල ලබා ඇති ප්‍රගතිය ආපසු හැරෙනු ඇති බවට බියක් පවතින බවයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී රජය විසින් පොරොන්දු වී ඇති යෝජනා ඉටු කිරිමට ශ්‍රී  ලංකාව තවමත් අපොහොසත්වී ඇති බව “හියුමන් රයිට්ස් වොච්“ සංවිධානය පෙන්වා දෙයි.

වත්මන් පාලනය යටතේ එය ඉටුවේයැයි අපේක්ෂා කළ නොහැකි බව  අදාල වාර්තාව මඟින් වැඩිදුරටත් පෙන්වා දී ඇත.

(adaderana)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න