හොකී සංගමයේ හිඟන වැඩක් : විනිසුරුවන් හිස් අතින් ගෙදර යවලා !

හොකී සංගමයේ හිඟන වැඩක් : විනිසුරුවන් හිස් අතින් ගෙදර යවලා !

වසර කිහිපයකට පසුව පසුගිය සති අන්තයේ පවත්වා ඇති අවුරුදු 21න් පහළ බාලක ජාතික  හොකී ශූරතාවයේ විනිසුරුවන් ලෙස කටයුතු කළ අයට  කිසිදු ගෙවීමක් සිදුනොකර හිස් අතින් යවා ඇති බව වාර්තා වෙයි.

ඊට සහභාගී වූ පාර්ශව සඳහන් කරන ආකාරයට ශ්‍රීලංකාවේ හොකී ක්‍රීඩාවේ ජාතික හා ජාත්‍යන්තර විනිසුරුවන් ඈත පලාත් වල සිට පැමින ඔවුන්ගේ උපරිම දායකත්වය ලබාදී ඇති නමුත් එකී සේවයට හොකී සංගමය දක්වා ඇති කුඩම්මාගේ සැළකිල්ල හේතුවෙන් මේ විනිසුරුවන් ක්‍රීඩාවෙන් ඈත් කරන්න සහ අධෛර්යමත් කිරීමට හේතුවන බවත් හොකී ක්‍රීඩාව රැකගන්න වෙහෙසෙන පාර්ශවයන්ගේ අදහස වී තිබේ.

ඔවුන් එය හඳුන්වන්නේ ශ්‍රී ලංකාවේ හොකී ක්‍රීඩාව දවසින් සවස ප්‍රපාතයට ඇද දමමින්  වසර 15කට ආසන්න  කාලයක් බලධාරීන් රවටන ජාතික හොකී සංගමයේ සභාපති හා ලේකම් මෙවරත් විනිසුරුවන් අල්ලේ නටවා ඇති බවක් ලෙසය.

ලංකාවේ දිස්ත්‍රික් සංගමයක් වත් මෙවැනි පහත් අයුරින් කටයුතු නොකරන අතර මෙම පහත් ක්‍රියාව ප්‍රවීනයන් පිළිකුලින් හෙළාදකින බවත් අප ඇමතූ හොකී ක්‍රීඩාවේ ප්‍රවීණයන් කිහිපදෙනකුද පැවසීය.

කෙසේ වුවත්  කොලඹ හොකී සංගමයේ හිටපු සභාපති සුපුරුදු ලෙස මෙවරත් තරගාවලිය වෙනුවෙන් වූ වගකීම් ඉටුකිරීමට   බර කරට අරන් කටයුතු කර ඇති අතර  ඔහුට ප්‍රශංසාව හිමිවිය යුතු බවත් ඔවුන් පවසයි. 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න