මෛත්‍රී ශ්‍රීලනිප සභාපතිකමෙන් ඉවත්විය යුතු බවට යෝජනාවක් !

මෛත්‍රී ශ්‍රීලනිප සභාපතිකමෙන් ඉවත්විය යුතු බවට යෝජනාවක් !

පළාත් පාලන මැතිවරණයෙන් ලද ජනවරමට අවනත වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වහාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වයෙන් හා සභාපති ධුරයෙන් ඉවත්විය යුතු බවට බලපෑම් කිරීමට එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් පිරිසක් තීරණය කර ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව ඔවුන් අද පෙරවරුවේ ජනාධිපතිවරයා හමුවීමට අවස්ථාවක් ඉල්ලා තිබේ.

මෙම පරාජය හමුවේ ශ්‍රීලනිප ඇමතිවරු මහින්ද රාජපක්ෂ මහතාට එක්වීම නොවැලැක්විය හැකිබව ජනාධිපතිවරයාගේ උපදේශකයකු 'නිව්ස් ටියුබ්' වෙත පැවසිය.

මේ අතර පළාත් පාලන මැතිවරණයේ දී ආණ්ඩුව ලද පරාජය හමුවේ අමාත්‍ය චම්පික රණවක මහතා සහ ශ්‍රීලනිප ඇමතිවරුන් කිහිප දෙනෙකුම අද ජනාධිපතිවරයා හමුවී සිය ඇමති ධුර වලින් ඉල්ලා අස්වීමේ ලිපි බාරදීමට නියමිතව ඇතැයි ද පැවසේ.

ජනවරමට ගරුකරමින් මහින්ද රාජපක්ෂ මහතාට ආණ්ඩුව බාරදී විපක්ෂයට යායුතු බව අමාත්‍ය චම්පික රණවක මහතා විසින් යෝජනා කර ඇතැයි ඔහුගේ සම්බන්ධිකරණ නිලධාරියකු පැවසිය.

ඇමතිවරයා ඒ සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක සිටින බව ද ඔහු කියා සිටියේය.

පලාත් පාලන මැතිවරණයේ කොට්ඨාස අනුව නිකුත් කල සහතික කල ප්‍රතිඵල අනුව මේ වනවිට පලාත් පාලන ආයතන 250 කට අධික ප්‍රමාණයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිනාගෙන තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න