තනි කළ රවී උතුරු කොළඹ තනියෙන් දිනවයි

තනි කළ රවී උතුරු කොළඹ තනියෙන් දිනවයි

එක්සත් ජාතික පක්ෂයේ කිසිඳු නායකයකු උතුරු කොළඹ කිසිඳු මැතිවරණ ජන හමුවකට නොපැමිණ තම ආසන සංවිධායකයා වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක තනිකර දැමුවත් ඔහු සමඟ එක්ව එක්සත් ජාතික පක්ෂය ලැබූ විශිෂ්ටතම ජය පක්ෂයට ගෙන ඒමට තමන්ට හැකිවූ බව එක්සත් ජාතික පාක්ෂිකයන් සඳහන් කරයි.

newstube.lk වෙත අදහස් දක්වමින් උතුරු කොළඹ පාක්ෂිකයින් සඳහන් කර සිටියේ පක්ෂය ඉතා දුෂ්කර තත්ත්වයකට පත්ව සිටි සමයේ පක්ෂයත් එහි නායකත්වයත් රැකගැනීමට විශාල කැපවීමක් සිදුකළ බවත් නමුත් ආණ්ඩු බලය ලබා විපක්ෂයේ අභූත චෝදනා වලට ඔහුව ගොදුරු වූ අවස්ථාවේ කිසිඳු වගකිවයුතු අයෙකු ඔහු වෙනුවෙන් පෙනී නොසිටි බවද ඔවුන් සඳහන් කර සිටියි.

එසේම පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායකව එක්සත් ජාතික පක්ෂය පැවැත්වූ කිසිඳු ජාතික මට්ටමේ දේශපාලන වේදිකාවක කතිකයෙක් කර නොගත් බව පවසන ඔවුන් පෙන්වා දෙන්නේ පක්ෂය තම සංවිධායකයා තනි කළත් ඔහු ඇතුළු උතුරු කොළඹ ජනතාව පක්ෂය තනි නොකළ නවය.

එනිසාම කොළඹ 1-15 අතුරින් උතුරු කොළඹ මැතිවරණ බල ප්‍රදේශය පමණක් මන්ත්‍රී කොට්ඨාශ 9 ම විශිෂ්ට ලෙස ජයග්‍රහණය කරන්නට හැකිවූ බවත් ඉදිරියේදීවත් විපක්ෂයේ චෝදනා හමුවේ පක්ෂයේ ප්‍රබලයින් රැක ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ වගකිව යුතු නායකයින් කටයුතු කළ යුතු බවද ඔවුන් පෙන්වා දෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න