මහින්ද අගමැතිකම එපා කියයි : විපක්ෂ නායකකම ඕන කියයි

මහින්ද අගමැතිකම එපා කියයි : විපක්ෂ නායකකම ඕන කියයි

ඊයේ පැවති මැතිවරණය පළාත් පාලන මැතිවරණයක් මිස පාර්ලිමේන්තුවේ අගමැතිවරයා තෝරන මැතිවරණයක් නොවන නිසා අගමැති ධුරය කිසිසේත්ම බාර නොගැනීමට මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට අගමැති ධුරය බාරගන්නැයි ආරාධනා කල බවට පලවන වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයාගේ අතිශය සමීපතමයෙකු 'ලංකා සී නිව්ස්' වෙබ් අඩවියට එබව පවසා ඇත.

හිටපු ජනාධිපතිවරයා විසින් කිසිසේත්ම පිං අගමැතිකම් බාර නොගනු ඇති බව විමල් විරවංශ මන්ත්‍රීවරයා විසින් පවත්වාගෙන යනු ලබන එම වෙබ් අඩවිය අවධාරණය කර සිටියි.

බැසිල්ගේ ස්ථාවරය මෙන්න :

කෙසේ වෙතත් වහාම පාර්ලිමේන්තුවේ යෝජනා සම්මත කර පාර්ලිමේන්තුව විසුරුවා හැර පාර්ලිමේන්තු මැතිවරණයක් කැදවීමට ආණ්ඩුව වහා කටයුතු කල යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ ස්ථාවරය වී තිබේ.

ආණ්ඩු විරෝධි ජනමතය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලැබී ඇති බැවින් වත්මන් පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධුරය ඒකාබද්ද විපක්‍ෂයට ලබා දිය යුතුම බවත් ඔහු අවධාරණය කර සිටියි.

ඊයේ (10) පැවති පළාත් පාලන මැතිවරණයෙන් බහුතර කොට්ඨාශ ප්‍රමාණයක් මේ වන මහින්ද රාජපක්ෂ මහතා නියෝජනය කළ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජයග්‍රහණය කර ඇති අතර, දෙවන තැන එක්සත් ජාතික පක්ෂයටත්, තෙවන තැන එක්සත් ජනතා නිදහස් සන්ධානයටත් ලැබී ඇත. ජනතා විමුක්ති පෙරමුණ සිව්වන තැන පසුවෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න