එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය කරුට ! : මහ ලේකම් කබීර් ඉල්ලා අස්වෙයි

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය කරුට ! : මහ ලේකම් කබීර් ඉල්ලා අස්වෙයි

මැතිවරණ ප්‍රතිඵලය සැළකිල්ලට ගෙන එක්සත් ජාතික පක්ෂයේ පූර්ණ ප්‍රතිසංවිධානයක් අවශ්‍ය බවත් ඒ වෙනුවෙන් පළමුව එක්සත් ජාතික පක්ෂයේ තාවකාලික නායකයා ලෙස කතානායක කරු ජයසූරිය පත්කළ යුතු බවට යෝජනාවක් එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙයි.

එම පක්ෂයේ සිරිකොත මූලස්ථාන ආරංචිමාර්ග සඳහන් කරන ලෙස එක්සත් ජාතික පක්ෂයේ ඉහළ නිලතල දරණ සියළු දෙනා ඉවත්කර ඒ වෙනුවට නව නායකත්ව මණ්ඩලයක් යටතේ පක්ෂය නැවත ජයග්‍රාහී මාවතට ගැනීම වෙනුවෙන් යෝජනා රැසක් මේ වන විට පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් මෙන්ම දෙවන පෙළ තරුණ නායකත්වය විසින් ඉදිරිපත් කර ඇත.

එහිදී එක්සත් ජාතික පක්ෂයේ දෙවන පෙළ තරුණ නායකයින් රැසක් පක්ෂ සභාපති මලික් සමරවික්‍රම සහ සාගල රත්නායක ඇතුළු රැසකගේ නම් පවා සඳහන් කරමින් පක්ෂය ජයග්‍රාහී මාවතට ගැනීමට නම් ඔවුන් සියළු දෙනා අදාළ තනතුරුවලින් ඉවත් කළ යුතු බවට යෝජනා කර ඇති බවද පක්ෂයේ සිරිකොත මූලස්ථාන ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටියි.

ප්‍රධාන ලේකම් කබීර් හෂීම් ඉල්ලා අස්වෙලා

පක්ෂ නායකත්වය ඇතුළුව එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩලයට පක්ෂ අභ්‍යන්තරයෙන් එල්ලවී ඇති විරෝධයත් මැතිවරණයේදී ලැබූ පරාජයත් සැළකිල්ලට ගෙන මේ වන විටත් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් කබීර් හෂීම් සිය ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂ නායකත්වයට යවා ඇති බවද වාර්තා වෙයි.

කෙසේ වුවත් එම ඉල්ලා අස්වීමේ ලිපිය කබීර් හෂීම් අමාත්‍යවරයා ලබාදී ඇත්තේ තම ඉල්ලා අස්වීම වලංගු වීමට නම් පක්ෂයේ සෙසු නායකත්ව වගකීම් දරන අයද එම ධුරවලින් ඉවත්වන්නේ නම් පමණක් බවට කොන්දේසියක් ඇතුළත් කරමින්ය.

එසේම පක්ෂයේ තාවකාලික නායකත්වය සඳහා කතානායක කරු ජයසූරිය පත්කිරීම සම්බන්ධව කබීර් හෂීම් අමාත්‍යවරයාද එකඟතාව පළකර ඇති බවද වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න