ආන්දෝලනාත්මක තීන්දුවකට ජනාධිපති සැරසෙයි : තීරණාත්මක සාකච්ඡාව අද (11) හවස 5ට

ආන්දෝලනාත්මක තීන්දුවකට ජනාධිපති සැරසෙයි : තීරණාත්මක සාකච්ඡාව අද (11) හවස 5ට

පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය සැළකිල්ලට ගෙන තමන් ඉදිරි දින කිහිපය තුළ ඉතාම බරපතල දේශපාලන තීන්දුවක් ගනු ලබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කර ඇති බව වාර්තා වෙයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ අද (11) වනදා පෙරවරු 11.00 ට පමණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ට අමාත්‍යවරුන් පිරිසක් හමුවූ අවස්ථාවේදී වන අතර ඊට සහභාගී වූ අමාත්‍යවරයෙකුද මේ බව සනාථ කර සිටියේය.

එජාප - ජනාධිපති අතර අද 5ට තීරණාත්මක සාකච්ඡාවක්

එසේම මෙම බරපතල දේශපාලන තීන්දුව ජනාධිපතිවරයා ගැනීමට තීරණය කර ඇත්තේ අද (11) සවස 5.00 ට එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු එම පක්ෂයේ නායකයින් සමඟ පවත්වනු ලබන විශේෂ සාකච්ඡාවෙන් පසුව බවත් එහිදී යෝජිත කැබිනට් සංශෝධනය පිළිබඳවද සාකච්ඡා කෙරෙණු ඇති බවද දැනගන්නට ඇත.

එම කැබිනට් සංශෝධනය සම්බන්ධ සාකච්ඡාවේදී සාගල රත්නායක සහ මලික් සමරවික්‍රම ඇතුළු අමාත්‍යවරුන් කිහිපදෙනෙකුගේ අමාත්‍යධුර වෙනස් වීමක් සිදුවීමටද නියමිත බවත් ඒ වෙනුවෙන් වන යෝජනාවක් ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් ඉදිරිපත් වීමට නියමිත බවද වාර්තා වෙයි.

ශ්‍රීලනිප අමාත්‍යවරුන් ඉල්ලා අස්වීමේ තීන්දුව කල්යයි

මේ අතර ලැබී ඇති මැතිවරණ ප්‍රතිඵලය සැළකිල්ලට ගනිමින් වත්මන් ආණ්ඩුවේ අමාත්‍යධුර වලින් ඉල්ලා අස්වීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් ගෙන තිබූ තීන්දුව දින කිහිපයකට කල් තැබීමට එම අමාත්‍ය කණ්ඩායම තීරණය කර ඇති බවද දැනගන්නට ඇත.

අමාත්‍යධූර වලින් ඉල්ලා අස්වීමේ තීරණය සම්බන්ධව newstube.lk සිදුකළ විමසීමකදී එම පක්ෂයේ ප්‍රබල අමාත්‍යවරයෙකු සඳහන් කර සිටියේ අද පෙරවරුවේ ජනාධිපතිවරයා සමඟ පැවැත්වූ සාකච්ඡාවෙන් පසුව තම තීරණය දින කිහිපයකට කල් තැබීමට පොදු තීරණයක් ගැනුණු බවය.

ශ්‍රීලනිප ඇමතිවරු මත දෙකක

එසේම ජනාධිපතිවරයා ඉදිරියේදී ගනුලබන බව පැවසෙන බරපතල දේශපාලන තීන්දුව කුමක්ද යන්න සැළකිල්ලට ගෙන ඉදිරි ක්‍රියාමාර්ග ගනුලබන බවද එම අමාත්‍යවරයා පැවසීය.

තවද මේ වන විට වත්මන් ආණ්ඩුව සම්බන්ධව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් අතර මත දෙකක් ඇති බවත් ඒ, තවදුරටත් බෙදී නොසිට ජනමතයට ගරුකර පොදුජන පෙරමුණ සමඟ එකතුවීම හෝ අමාත්‍යධුර වලින් ඉවත්ව පාර්ලිමේන්තුව තුළ ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කිරීම බවත් අමාත්‍යවරයා පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න