රන්ජන් රෙකොඩ්ස් නම් ලැයිස්තුවට දෙරණේ දිලිත්වත් !

රන්ජන් රෙකොඩ්ස් නම් ලැයිස්තුවට දෙරණේ  දිලිත්වත් !

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ බව සඳහන් වන හඬපට යොදාගෙන දියත්කර ඇති පටු දේශපාලන ව්‍යාපෘතිය මේ වන විට ආණ්ඩුවට සෘජුව සහය දක්වන පාර්ශව වෙත හැරීමේ තත්ත්වයක් මතුව ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

 ඊට ආසන්නතම සිදුවීම ලෙස වාර්තා වන්නේ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එම ධූරය වෙත ගෙන ඒම වෙනුවෙන් විශේෂ කාර්ය භාරයක් සිදුකළ කෝටිපති ව්‍යාපාරිකයකු සහ දෙරණ මාධ්‍ය ජාලයේ හිමිකරු වන දිලිත් ජයවීර සම්බන්ධව රන්ජන් මන්ත්‍රීවරයා කරන ප්‍රකාශයක් ඇතුළත් හඬ පටයක් ප්‍රසිද්ධ කර තිබීමය.
 
එම හඬපටය අනුව දිලිත් ජයවීර සහ ඔහුගේ ව්‍යාපාර සහායිකාවක වන වැරුනි අමුණුගම නීති විරෝධී ජාවාරමක නියැළෙයි.
 
මේ සම්බන්ධව ලැබෙන වැඩිදුර තොරතුරු සඳහන් කර සිටින්නේ එක්තරා කෝටිපති ව්‍යාපාරිකයකු විසින් මේ හඬ පටය ප්‍රසිද්ධ කිරීමට කටයුතු කර ඇති අතර එය ආණ්ඩුවට හිතවත් ව්‍යාපාරිකයන්ගේ ගැටුමක් බවය.
එසේම මේ වන විට රන්ජන් මන්ත්‍රීවරයාගේ හඬපට සමාජ ජාල තුල ප්‍රසිද්ධවීමත් සමඟ ඒවායේ නම් සඳහන් පාර්ශව කැඳවා ප්‍රශ්න කරන තත්ත්වයක් ඇති බවත් ඒ වෙනුවෙන් වන පූර්ව සූදානම් කරවීමක් ලෙස මෙය සැලකිය හැකි බව මෙන්ම ආණ්ඩුව අභ්‍යන්තරයේ කෙරුමන් අතර ගැටුමක් ලෙසත් ඔවුන් මෙය පෙන්වා දෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න