නිශ්ශංක සේනාධිපති නිදහස් !

නිශ්ශංක සේනාධිපති නිදහස් !

ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති ඇතුළු  ඇවන්ට්ගාඩ් නඩුව සම්බන්ධයෙන්  විත්තිකරුවන් 5 දෙනා   සියලුම චෝදනාවලින් නිදහස්  කිරීමට  ත්‍රි පුද්ගල විනිසුරු මඬුල්ල තීරණය කරන ලදි. 

මෙම නඩුවේ සෙසු විත්තිකරුවන්  8 දෙනාට එරෙහි නඩුව ලබන  පෙබරවාරි 10 වැනිදා සිට විභාග කිරීමට  අද(17) තීරණය කළේය. 

රක්නා ලංකා සමාගම, ඇවන්ට්ගාඩ්  සමාගම, පාලිත ප්‍රනාන්දු , එගොඩවෙල, සුජාතා දමයන්ති ජයරත්න නමැති  විත්තිවරුන්  5 ට මෙලෙස නිදහස ලැබිණි.

ශ්‍රී ලංකාව අවට මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වගෙන යාම ඇතුළු චෝදනා 7573ක් යටතේ නීතිපතිවරයා විසින් ඇවන්ට්ගාඩ් සමාගමේ හිටපු සභාපති නිශ්ශංක සේනාධිපති  ඇතුලු විත්තිකරුවන් 13 දෙනෙකුට එරෙහි නඩුවට ඉදිරිපත් වූ මූලික විරෝධතාවක් සැලකිල්ලට ගනිමින් එම නඩුවේ චෝදනා 19 ක් හැර  සෙසු චෝදනා පවත්වාගෙනයාමට නොහැකි බවට ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල අද (17)  තීරණය  කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරිණි.

මෙලෙස නියම කරන  ලද්දේ ධම්මික ගනේපොළ,  සභාපති මංජුල  තිලකරත්න සහ ආදිත්‍ය පටබැඳි  යන  ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල  විසිනි. 

ඇවන්ට්ගාඩ් සභාපති  නිශ්ශංක සේනාධිපතිට  රුපියල් ලක්ෂ 5 මුදල් ඇපයක්  හා රුපියල් ලක්ෂ 25 බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනෙකුගේ ශරීර ඇප මත මුදාහැරීමට ද  ත්‍රි පුද්ගල මහාධිකරණය තීරණය  කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න