සී.ඒ. චන්ද්‍රප්‍රේමට : ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත පත්වීම !

සී.ඒ. චන්ද්‍රප්‍රේමට : ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත පත්වීම !

ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවර එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත තනතුරට සී.ඒ. චන්ද්‍රප්‍රේමගේ නම යෝජනා වී ඇති බව වාර්තා වෙයි.ඔහුව මේ තනතුර සඳහා යෝජනා කර ඇත්තේ ජනාධිපති ලේකම් කාර්‍යාලය විසින් බවත් ඊට අමතරව තවත්  රාජ්‍යතාන්ත්‍රික තනතුරු කිහිපයක් සඳහා නම් යෝජනා කර විදේශ සබඳතා අමාත්‍යාංශයට යවා ඇතැයි ද දැනගන්නට ඇත.

ඒ අනුව චන්ද්‍රප්‍රේම ජීනිවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාව නියෝජනය කරනු ඇති අතර පෙබරවාරි මස 24 වැනිදා ආරම්භ වන එම කවුන්සිලයේ 43 වැනි සැසිවාරයටද සහභාගී වනු ඇති බවත් වාර්තා වෙයි.

දේශපාලන පත්වීම් ලැබ විදේශවල සේවය කරන ශ්‍රී ලාංකික රාජ්‍යතාන්ත්‍රිකයන් මෙන්ම විදේශ සේවයෙන් රාජ්‍යතාන්ත්‍රික තනතුරුවලට පත්වූවන් පිරිසක්ද නැවත මෙරටට කැඳවීමට ආණ්ඩුව පියවර ගෙන ඇත. 

ඒ අතර  මහාචාර්ය වෛද්‍ය එම්.ඩී. ළමාවංශ  රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ධුරයටත්, මනෝරි උණම්බුව  ජර්මනියේ  ශ්‍රී ලංකා තානාපති ධුරයටත් පත්කිරීමට නියමිත යැයි ද වාර්තා වේ.

අදාළ තනතුරුවලට සුදුසුකම් සහිත පුද්ගලයන් කඩිනමින් පත්කරන බව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන  මීට පෙර පැවැසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න