අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න එම ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.
ඔහුට සමුදීමේ අවස්ථාව පසුගිය 20 වනදා අල්ලස් කොමිසමේ දී පවත්වා ඇති බවත් වාර්තා වෙයි.
යහපාලන රජය බලයට පත්වීමෙන් අනතුරුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත් කළ දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව 2016 වසරේදී ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත් කෙරිණි.
ඒ වන විට ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න නීතීපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ලෙස කටයුතු කෙළේය. ඔහු අල්ලස් කොමිසමේ තතත්වය ඉහළ දැමීමට හා අල්ලස් සිද්ධීන් සම්බන්ධ විමර්ශන සඳහා නවීන තාක්‍ෂණය යොදා ගැනීමට කටයුතු කළේය.
ලංකා ඉතිහාසයේ මෙතෙක් වාර්තා වු විශාලතම අල්ලස වශයෙන් සැළකෙන හිටපු ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප‍්‍රධානියා සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිවරයා විසින් කොළඹ ප‍්‍රසිද්ධ හෝටලයක රථ ගාලක් තුළදී විදේශිය ආයෝජකයකුගෙන් රුපියල් කෝටි 2 ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේදී අල්ලා ගැනීම සිදුවුයේද සරත් ජයමාන්න අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් කටයුතු කළ සමයේදීය.

