රිෂාඩ්ගේ සහෝදරයා ඇතුළට දාන්න : සමථයට පත්වූ නඩුවක් යළිත් ගොඩගෙන !

රිෂාඩ්ගේ සහෝදරයා ඇතුළට දාන්න : සමථයට පත්වූ නඩුවක් යළිත් ගොඩගෙන !
ඊයේ (22) නීතිඥයින් මාර්ගයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත්ව කරුණු දැක්වූ හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දින්ගේ සහෝදරයකු වන රිෆ්කාන් බදුර්දීන්, අද (23) පෙරවරුවේ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 06 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් නියෝග කර ඇත.
 
හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී රිෆ්කාන් බද්යුදීන් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ව්‍යාජ ඔප්පු යොදාගනිමින් තලෙයිමන්නාරම ප්‍රදේශයේ අක්කර 280 ක ඉඩමක් අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කෙරෙන විමර්ශනවලට සහය නොදක්වා මගහැර සිටීම හේතුවෙනි. 
 
සැකකාර රිෆ්කාන් බදියුදීන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කරමින්, රිෆ්කාන් බද්යුදීන් හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා අදාල ඉඩමෙන් අක්කර 40ක් නිත්‍යානුකුලව මිලදී ගෙන විකුණා ඇති බවත්, කුඨ ලේඛන සෑදීමක් සම්බන්ධයෙන් කිසිඳු චෝදනාවක් ඔහුට නැති බවත් ලිපි ලේඛන ඉදිරිපත් කරමින් තහවුරු කර ඇති අතර අධිකරණය විසින් ද එය පිළිගෙන තිබේ.
 
CID මගහැරී බවට චෝදනා !
 
 තම සේවාදායකයා මෙම අපරාධයට සම්බන්ධ බවට නිශ්චිත කරුණු කිසිවක් නොමැති හෙයින් ඔහු ඇප මත මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මෙහිදී අධිකරණයෙන් ඉල්ලීමක් කල ද මෙම අවස්ථාවේ සැකකරු ඇප මත මුදා හරිනු ලැබූවොත් විමර්ශන කටයුතුවලට බාධා සිදුවිය හැකි බව සඳහන් කරමින් පොලිසිය ඊට විරෝධය පළකර ඇත.
 
දෙපාර්ශවයේ කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරිය, සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියමිත දින නොපැමිණ ඇති බැවින් ඒ පිළිබඳව සලකා බලා සැකකරු ලබන 06 තෙක් රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කර තිබේ.
 
මෙම නඩුව 2015 වසරේදී මෙම අධිකරණය හමුවේ ම විභාග කර දෙපාර්ශවය අතර සමතයකට පත්වුවක් වන අතර පසුගියදා සිදුකෙරුණා පැමිණිල්ලක් මත අදාල අධිකරණ ක්‍රියාමාර්ග නැවත ආරම්භකර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න