19 අහෝසි කරන්න දෙන්නේ නෑ : එජාප ස්ථාවරය රංගේ කියයි !

19 අහෝසි කරන්න දෙන්නේ නෑ : එජාප ස්ථාවරය රංගේ කියයි !

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට කිසිදු සහයක් ලබානොදෙන බව එක්සත් ජාතික පක්ෂය අවධාරණය කරයි.

එක්සත් ජාතික පක්ෂයේ  සිරිකොත මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට අද (23) එක්වෙමින් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගෙබණ්ඩාර  මේ බව ප්‍රකාශ කර සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින්  මන්ත්‍රී පාලිත රංගෙබණ්ඩාර මෙසේද පැවසීය.

“ආණ්ඩුව බලයට පත්වූ දවසේ සිටම කියන්නේ තුනෙන් දෙකක බලයක් දෙන්න ජනතාවට සහන දෙන්න. අපි ආණ්ඩුව ගන්නකොට මන්ත්‍රී ධුර 42යි තිබුණේ 2015 ජනවාරි මාසයේ 08 දා. මන්ත්‍රී ධුර 42ක් තියාගෙන තමයි රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස කටයුතු කරමින් රටේ පොදු ජනතාවට සහන රාශයක් දුන්නේ. 

රාජ්‍ය සේවතයන්ගේ වැටුප් වැඩිකරෙත් විශ්‍රාමිකයන්ගේ දීමනාය වැඩි කරෙත්. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධය ගෙනල්ලා ඒ අයිතිවාසිකම සනාත කිරීම සඳහා පියවර ගත්තේත්, ඒකාධිපතිවරයා නැති කරීම සඳහා තමයි 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධය ගෙනාවේ. එහෙනම් දැන් 19ය අහෝසි කරලා යන්න හදන්නේ ඒකාධපතියෙක් වෙන්නද?“

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න