සිරිසේනට කළ පව් පලිසන් දීලා !

 සිරිසේනට කළ පව් පලිසන් දීලා !

එජාප පාක්ෂිකයන්ගේ කරමතින් බලයට පැමිණ එම පාක්ෂිකයන්ට කළ අසාධාරණය මුල් ‌කොටගෙන  හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට   ‌මේ වනවිට ‌දෙවියන් සහ ‌සොබාදහම විසින් දඩුවම් ලබා දී ඇති බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවසයි.

මන්ත්‍රීවරයා ‌මේ බව සදහන් කර සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (22) පැවැති ප්‍රවෘත්ති සාකච්ජාවක අදහස් දක්වමින්ය.

හිටපු ජනාධිපති ඇතුළු ශ්‍රීලනිපය අද ‌පොහොට්ටුව හමුවේ බලුකුක්කන් ගාණට වැටී ඇති බවත්, නාමයෝජනා ඉල්ලා අද ඔවුන්ට ‌පොහොට්ටුව පසුපස යාමට සිදුව ඇති බවත්, අද සිරිසේන හිටපු ජනාධිපතිවරයාට අභියෝග කරන්නේ ‌පොලොන්නරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන ‌රොෂාන් රණසිංහ බවත් මරික්කාර් මන්ත්‍රීවරයා එහිදී පැවසීය.

මීට අමතරව එදා ‌දේශප්‍රේමය පිළිබදව කතා කළ මහින්ද රාජපක්ෂ  ඇතුලු කණ්ඩායම අද උතුරු නැගෙනහිරට 13 වන සං‌ශෝධනයට එහා ගිය බලතල ලබාදීමක් පිළිබදව කතා කරන බව කී මන්ත්‍රීවරයා කිසිදු දිනක එජාපය ‌දේශපාලන වාසි තකා ජාතිවාදය ‌හෝ ආගම්වාදය අවුස්සා ‌නොමැති බවත් සදහන් කර සිටියේය.

එමෙන්ම ජනාධිපතිවරණයේදී ලක්ෂ 69ක බහුතරයක් ජන්දය දුන්නේ එම්.සී.සී. ගිවිසුම අත්සන් ‌නොකිරීමට බව කියා සිටි ඔහු  එම ජනවරමට අනුව යමින් ආණ්ඩුව එම ගිවිසුම අත්සන් ‌නොකළ යුතු බවද කියා සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න