කාංචන බැක්සයිඩ් මන්ත්‍රී කීවේ ලක්ෂ්මන් යාපාට ?

කාංචන බැක්සයිඩ් මන්ත්‍රී කීවේ ලක්ෂ්මන් යාපාට ?

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක විසින් පසුගියදා පාර්ලිමේන්තුවේ සිදුකල ප්‍රකාශයක් පදනම් කරගෙන සමාජ මාධ්‍ය ජාල තුළ  රාජ්‍ය අමාත්‍ය කාංචන විජේරත්න එරෙහිව මඩ ප්‍රහාරයක් දියත්කිරීම පිටුපස පොදුජන පෙරමුණේ මාතර  අළුයට ගිනි උඩට පැමිණ ඇති බව  එම  අමාත්‍යවරයාට සමීප  ආරංචිමාර්ග සඳහන් කරයි.

ඔවුන් සඳහන් කරන ආකාරයට  අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධනට හිතවත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් මේ කටයුත්ත සිදුකර ඇති අතර එහි අපේක්ෂාව පොදුජන පෙරමුණ පාක්ෂිකයන් අතර තම අමාත්‍යවරයාට ඇති ප්‍රතිරූපයට හානි සිදුකිරීමය.

එසේම එළඹෙන මහ මැතිවරණයේදී තම අමාත්‍යවරයා  දිස්ත්‍රික්කයේ  පළමු තැනට පත්වීමේ පැහැදිළි ඉඩක් ඇති බවත්  මාතර සිටින ජේෂ්ඨ  මැතිඇමතිවරුන් අතර ඇතැමුන් ඒ සම්බන්ධව ඊර්ෂ්‍යාවෙන් පෙළෙන බවත් ඔවුන් සඳහන් කරයි.

මේ සම්බන්ධව කාංචන විජේසේකර රාජ්‍ය ඇමතිවරයා තම ෆේස්බුක් ගිණුමේ  සටහනක් තබා ඇති බව සී නිව්ස් වෙබ් අඩවිය වාර්තා කර තිබු අතර  එහි  මෙසේ දැක්විණ.

බැක්සයිඩ් ඇමති ගැන කාංචනගේ සටහන !

''රන්ජන්ගේ පළමු ප්‍රකාශයේ එක් වචනයක් අරගෙන මටත් මඩ ගහන්න ඊයේ දවස පුරාම ක්‍රියාත්මක වුන සමාජ මාධ්‍ය මෙහෙයුම සංවිධානාත්මකව ක්‍රියාත්මක වුවක්. එය විමර්ශනය කරන විට එය වටහා ගැනීමට අපහසූ නොවන අතර ඒ සෑම පිටුවල සමානකම් ඇත.

ඒ සියල්ලගේම පිටු වල මේ දවස් වල ප්‍රවර්ධනය කරන්නේ පසුගිය පාර්ලිමේන්තුවේ මාතරින් පරාජය වී “බැක්සයිඩ්” එකෙන් පාර්ලිමේන්තු ගිය එක්කෙනෙක්ගේ “මඩ නැති දේශපාලනය කියලා එකක්”. ඒ ප්‍රවර්ධනය කරපු බොහෝ දෙනෙක් සජිත් ජනාධිපති ක‍රන්නත් කැම්පේන් කරපු අයමයි.

පැකර්ගේ සහ මදුෂ්ගේ මුදල් සහ පාතාලයට මා නිහඩ කල නොහැක. අපිට ගහන්න ගහන්න මිනිස්සු අපිත් එක්ක එකතු වෙනවා. මා හැමදාමත් නිවැරදි දේ වෙනුවෙන් සහ අභියෝග හමුවේ පෙනී සිටියා සේම ඉදිරියටත් එය එසේම සිදු කරනවා. ඊයේ සහ අද දවසේ මා වෙනුවෙන් හඬ නැගු සැමට ස්තූතිය. වචනයෙන් හෝ ශක්තියත් වූ ඔබ සැමට ස්තූතියි.''

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න