දයාසිරිගේ මාධ්‍ය ලේකම් විසින්  හිටපු පළාත් මන්ත්‍රී අසංක නවරත්නගේ බුද්ධිය සොරාගෙන !

දයාසිරිගේ මාධ්‍ය ලේකම් විසින්  හිටපු පළාත් මන්ත්‍රී අසංක නවරත්නගේ බුද්ධිය සොරාගෙන !

මේ දිනවල කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ අනෙක් දිස්ත්‍රික්කවලට වඩා දේශපාලන උණුසුමක් දැනගත හැකිය. මුහුණු පොත හරහා මැතිවරණයෙන් ජයග්‍රහණය කරන ලැයිස්තු පවා එලියට දැමීමට නොයෙක් දේශපාලන ක්‍රියාකාරීන් පටන්ගෙන ඇත. කුරුණෑගල නගරාධිපතිතුමාගේ ලේකම්වරයෙකුට යම්කිසි ඡායාරූප වගයක්  ලැබී ඇත්තේ ඔහු මුහුණු පොතේ දේශපාලනය කරමින් සිටින විටදීය. ඒ ඡායාරූප කිසියම් බුද්ධි මංකොල්ලයක් සිදුකර ඇති බවට සැක මතුවී ඇත.

එම ඡායාරූප වෙනස් කොට සකසා ඇත්තේ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් වන අනිල් සෙනරත් මහතා විසින්ය. හිටපු වයඹ පළාත් සභා මන්ත්‍රී අසංක නවරත්න මහතාගේ මුහුණු පොතේ ඔහුටම අනන්‍යතාවයක් ඇති පරිදි ප්‍රසිද්ධ කරන ඡායාරූප අසංක මහතාගේ මුහුණට උඩින් දයාසිරි මහතාගේ මුහුණ දමා එය දයාසිරි ජයසේකරගේ මාධ්‍ය ලේකම්වරයා ප්‍රසිද්දියට පත්කරමින් සිටී .

දයාසිරි ජයසේකර අමාත්‍යවරයාගේ මෙම මාධ්‍ය ලේකම්වරයා තව තවත් විවිධ දේශපාලකයන්ගේ ඡායාරූප වලට දයාසිරි මහතාගේ මුහුණ දමමින් එය ඔවුන්ගේ ඡායාරූපයක් වශයෙන් ප්‍රසිද්ධ කරන බව මීට පෙරත් සිදුවී ඇති බව අසංක නවරත්නගේ හිතවතියක් කුරුණෑගල නගර සභාවේ මුහුණු පොත් ක්‍රියාකාරී කෙනෙකු සමග පවසා ඇත.

අනිල් සෙනරත් මහතා දයාසිරි ජයසේකර මහතාගේ ලගම ඥාතියෙක් නිසා තමන්ට ඕනෑම දෙයක් කරගන්නට ඉඩදී ඇති බව මුහුණු පොතේ සඳහන් කර තිබූ බවද අර නගර සභාවේ නිලධාරියා පවසා ඇත.

කර්මාන්ත රාජ්‍ය අමාත්‍යතුමාගේ මාධ්‍ය ලේකම් අනිල් සෙනරත් මහතා මෙම කරගෙන යන වැඩපිළිවෙල දැඩිලෙස හෙලා දකින බව කුරුණෑගල නගරාධිපතිතුමාගේ ලේකම් රැස්වීමකදී පවසා ඇත .

(උපුටා ගැනීම- ඇතුගල්පුර කතා බහ )

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න