අධිකරණයට අපහාස කරලා : අජිත් ප්‍රසන්නට නොතීසි !

අධිකරණයට අපහාස කරලා : අජිත් ප්‍රසන්නට නොතීසි !

අධිකරණයේ විභාග කරන නඩුවක් සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී වැරදි සහගත ප‍්‍රකාශයක් කර අධිකරණයට අපහාස කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා හෙට (24) අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි කොළඹ ප‍්‍රධාන මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා විශ‍්‍රාමික මේජර් නීතීඥ අජිත් ප‍්‍රසන්නට අද (23) නියම කරමින් නොතිසි නිකුත් කළේය.

බලපත‍්‍රයක් නොමැතිව අලි පැටවකු ලඟ තබා ගැනීම සම්බන්ධයෙන් වැඩ තහනමකට ලක්වී සිටින කොළඹ හිටපු අතිරේක මහෙස්ත‍්‍රාත් තිළිණ ගමගේ  ඇතුළු විත්තිකරුවන් සිව්දෙනකුට එරෙහි නඩුව සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී වැරදි සහගත ප‍්‍රකාශයක් කර අධිකරණයට අපහාස කළැයි කියන සිද්ධියට පිළිබඳව අධිකරණයට දැනුම් දෙමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරීස්  කළ ඉල්ලීමක් පිළිගනිමින් විනිසුරුවරයා එලෙස නියම කළේය.

බලපත‍්‍රයක් නොමැතිව අලි පැටවකු ලඟ තබා ගැනීම සම්බන්ධයෙන් වැඩ තහනමකට ලක්වී සිටින කොළඹ හිටපු අතිරේක මහෙස්ත‍්‍රාත් තිළිණ ගමගේ  ඇතුළු විත්තිකරුවන් සිව්දෙනාට එරෙහි නඩුව මීට පෙර අවස්ථාවකදී කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවකදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරීස්  අධිකරණය අමතමින් මෙම නඩුව සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී වැරදි සහගත ප‍්‍රකාශ කර ඇතැයි දැනුම් දී තිබිණි.

පසුගිය 12 වැනිදා පැවැත්වූ මාධ්‍ය හමුවකදී විශ‍්‍රාමික මේජර් නීතීඥ අජිත් ප‍්‍රසන්න අදහස් පළ කරමින් මෙම නඩුව විභාග කිරීම සඳහා මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග  බලහත්කාරයෙන් ලබාගෙන ඇති බවටත් පැමිණිල්ලට ලකුණු කිරීමට පවා නොහැකි ලේඛන ලකුණු කිරීම සඳහා විනිසුරුවරයා විසින් පැමිණිලි පාර්ශ්වය පොළඹවා ඇති බවටත් පවසා ඇතැයි දැනුම් දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් දැනුම් දුන්නේය.

අධිකරණයේ විභාග කරන නඩුවක් සම්බන්ධයෙන් ඔහු මාධ්‍ය හමුවේ එලෙස අදහස් දක්වා ඇතැයිද ඉන් ඔහු අධිකරණයට අපහාස කර ඇතැයිද පෙන්වා දුන් දිලීප පිරීස් සොලිසිටර් ජනරාල්  අදාළ මාධ්‍ය සාක්ච්ඡාවේ හඬපට එම මාධ්‍ය සාක්ච්ඡාව ආවරණය කළ මාධ්‍ය ආයතන වලින් ලබාගෙන විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලීමක් කළේය.

ඒ අනුව පොලිස් පරීක්‍ෂක විජේසිංහ විසින් විමර්ශනයක් සිදුකළ අතර එම විමර්ශනයේ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර ඇත.

ඉදිරිපත් වූ කරුණු සැළකිල්ලට ගත් කොළඹ ප‍්‍රධාන මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි  මෙම සිද්ධිය සම්බන්ධයෙන හෙට (24) අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන්නැයි නියම කරමින් විශ‍්‍රාමික මේජර් නීතීඥ අජිත් ප‍්‍රසන්න මහතාට නොතිසි නිකුත් කළේ ඒ අනුවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න