හේලිස් වෘත්තීය සමිති නායක දඩයමේ : සභාපතිගේ සේවය අත්හිටුවලා !

හේලිස් වෘත්තීය සමිති නායක දඩයමේ : සභාපතිගේ සේවය අත්හිටුවලා !

හේලීස් පාලනාධිකාරිය විසින් CMU - හේලීස් වෘත්තීය සමිති ශාඛාවේ සභාපතිවරයාගේ සේවය අත් හිටුවා ඇති බව වාර්තා වෙයි. 

වාර්තා වන ආකාරයට  හේලිස් වෘත්තීය සමිතියේ සභාපති එම්. ඒ මහින්ද වැටුප් රහිතව සති දෙකක කාලකට සේවය අත්හිටුවා ඇති  බව පාලනාධිකාරිය මගින් ලිඛිතව දන්වා තිබේ. 

එසේම අවස්ථා කිහිපයකදීම සාවද්‍ය චෝදනා ඉදිරිපත් කරමින් සභාපතිවරයා දඩයම් කිරීමට පාලනාධිකාරිය සැලසුම් කළද එම සාවද්‍ය චෝදනා සනාථ කරගැනීමට ඔවුන්  අපොහොසත්වූ බවත් දැනගන්නට ඇත. 

පසුගිය 8 වැනිදා හේලීස් වෘත්තීය සමිතියේ 70 වැනි සංවත්සරයෙන් පසුව මෙසේ සේවය තාවකාලිකව අත්හිටුවා තිබේ.දැනට වසර දෙකක කාලයක සිට ඔහු වෘත්තීය සමිතියේ සභාපතිධුරය හොබවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න