එළවළු සොරුත් බෝවෙලා

එළවළු සොරුත් බෝවෙලා

දිවයිනේ වෙළඳසැල් රැසක එළවළු සොරාගැනීමේ සිදුවීම් පිළිබඳව පොලීසියට පැමිණිලි ලැබී ඇතැයි අනිද්දා සමග අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයෙක් පැවසීය .

එළවළු මිල ඉහළ යෑම මෙම සොරකම්වලට හේතුව බව එම රාජ්‍ය ඇමතිවරයා කීය.

ඒ පිළිබඳව කළ විමසීමකදී පොලිස් මාධය ප්‍රකාශක කාර්යාලයේ නිලධාරියෙකු පැවසුවේ ගාල්ල බද්දේගම ප්‍රදේශයේ එළවළු වෙළඳසැලක් බිඳදමා රුපියල් 3000ක් වටිනා එළවළු සොරාගෙන ඇති බව බද්දේගම පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇති බවයි. මෙවැනි පැමිණිලි ගණනාවක් විවිධ ප්‍රදේශවලින් ලැබී ඇති දැයි පරික්ෂා කරන බව ඒ නිලධාරියා පැවසීය.

එළවළු සොරකම් කිරිමේ සිදුවීම් පිළිබඳව පුවත්පත් ඇතුළු මාධ්‍ය ආයතනවලට ප්‍රවෘත්ති ලැබී ඇතත්, පුවත්පත්වලින් එම පුවත වාර්තා කර නොමැති බවද අනිද්දා සමඟ සමඟ අදහස් දැක්වූ මාධ්‍ය ආයතන කිහිපයක මාධ්‍යවේදීහු පැවසූහ.

අනිද්දා

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න