ජනාධිපති කොමිසම වැඩ අල්ලයි : කරන්නාගොඩ සහ දසනායක නඩුවෙන් නිදහස් !

ජනාධිපති කොමිසම වැඩ අල්ලයි : කරන්නාගොඩ සහ දසනායක නඩුවෙන් නිදහස් !

හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ සහ හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක රියර් අද්මිරාල් ඩී.කේ.පී. දසනායක යන මහත්වරුන්ට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ පවරා ඇති නඩුව ඉදිරියට පවත්වාගෙන යෑම වළකාලමින් ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාව නියෝගයක් නිකුත් කර තිබේ.
තරුණයින් 11 දෙනෙකු කප්පම් ලබාගැනීම සඳහා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් මෙම නඩුව විභාගයට ගැණින.

වසන්ත කරන්නාගොඩ සහ ඩී.කේ.පී. දසනායකට  එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ දේශපාලන බලපෑම් මත නඩු පවරනු ලැබ ඇතැයි යන කියන කාරණය සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කළ කොමිසම එලෙස නියෝග කර ඇති බව එහි අදහස වී තිබේ.

2015 ජනවාරී 08 වැනිදාත් 2019 නොවැම්බර් 16 වැනිදාත් අතර කාලය තුළ සිදුවී ඇතැයි කියන දේශපාලන පළිගැනීම් පිළිබඳව පරීක්‍ෂා කොට කොට තොරතුරු ලබාගැනීම සඳහා පත් කළ මෙම ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ සාමාජිකයින් වශයෙන් විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න (සභාපති) විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු චන්ද්‍රා ජයතිලක හා විශ්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු යන මහත්වරුන් කටයුතු කරයි.

වසන්ත කරන්නාගොඩ සහ ඩී.කේ.පී. දසනායක යන මහත්වරුන් විසින් පසුගිය 22 වැනිදා පළමු පැමිණිල්ල වශයෙන් මෙම සිද්ධිය කොමිසමට පැමිණිලි කර ඇති අතර පසුගිය 23 වැනිදාම ඒ සම්බන්ධයෙන් විමර්ශනය කළ කොමිසම දේශපාලන බලපෑම් මත ඔවුන්ට එරෙහිව නඩු කටයුතු ආරම්භ කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කොමිසමේ දැඩි අවධානයට යොමු කර තිබිණ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න