පාර්ලිමේන්තුව මාර්තු මුල් සතියේ විසුරුවාලීමක් : මහ මැතිවරණය අප්‍රේල් අග !

පාර්ලිමේන්තුව මාර්තු මුල් සතියේ විසුරුවාලීමක් : මහ මැතිවරණය අප්‍රේල් අග !

මෙම වසරේ මාර්තු 2 න්  පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නීතිමය බලය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට හිමිවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අද (27) පැවැසීය.

ඒ බත්තරමුල්ල,නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ  පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්ය.

ඒ අනුව ජනාධිපතිවරයා ලද පළමු අවස්ථාවේදීම පාර්ලිමේන්තුව විසුරුවා හැර අපේ‍්‍රල් මස අවසන් සතියේදී මහා මැතිවරණය පැවැත්වීමට ක‍්‍රියාකරනු ඇතැයි තමන් බළාපොරොත්තු වන බවද ඔහු කීය.

මහා මැතිවරණයෙන් තුනෙන් දෙකක විශිෂ්ඨ ජනවරමක් ලබා ශක්තිමත් පාර්ලිමේන්තුවක් පිහිටුවීමට වත්මන් රජයට හැකියාව ලැබෙනු ඇතැයිද මහාචාර්යවරයා සදහන් කළේය.

එමෙන්ම අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පසුගියවර මෙන්ම මෙවරත් කුරුණෑගල දිස්ත‍්‍රික්කය නියෝජනය කරමින් මහා මැතිවරණයට තරඟ කරන බවද ඔහු කීය.
 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න