වූහාන්හී සිසුන් 30 ගෙන්වීමට හැකියාවක් නෑ - සුසිල් 

වූහාන්හී සිසුන් 30 ගෙන්වීමට හැකියාවක් නෑ - සුසිල් 

කොරෝනා වෛරසය පැතිර යෑම ආරම්භ වූ චීනයේ වූහාන් නගරයට ඇතුලූවීමට හෝ ඉන් පිටවීමට කිසිවෙකුට අවසර නොදෙන බැවින් එහි සිටින ශ්‍රී ලාංකික සිසුන් 30 දෙනා මෙරටට ගෙන්වා ගැනීමට නොහැකි වී තිබෙන බව ජාත්‍යන්තර සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත පවසයි.

අද (28) අමාත්‍යවරයා මේ බව සඳහන් කර  සිටියේ  අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී වන අතර අදාළ පිරිසේ  සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධව හා ආහාර සහ අනෙකුත් අවශ්‍යතා සම්බන්ධයෙන් බීජිං නුවර පිහිටි මෙරට තානාපති කාර්යාලය හා එරට එරට බලධාරීන් නිරන්තරයෙන් සොයා බලන බවද කීය.

එහෙත් වූහාන් නගරයේ සිටි ශ්‍රී ලාංකිකයන් 557 දෙනාගෙන් 204 දෙනෙකු මේ වනවිට මෙරටට පැමිණ සිටින බව කී රාජ්‍ය අමාත්‍යවරයා ඉතිරි පිරිස ද කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද සඳහන් කළේය.

එමෙන්ම කොරෝනා වෛරසය ආසාධිත චීන ජාතිකයකු මෙරටින් හමුවීමත් සමඟ පාසල් වසාදැමීමට රජය තීරණය කර ඇති බවට පැතිරයන ආරංචිවල කිසිඳු සත්‍යතාවයක් නැතැයි ද හෙතෙම පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න